The Leader News
BREAKING
Top Ad
පුවත්

ගල් අඟුරු නිසා මුළු ආණ්ඩුවම කළු වෙලා ! - දිනන දකුණ සාමූහිකය

T

The Leader Desk

January 20, 2026 • 3:34 PM

 ගල් අඟුරු නිසා මුළු ආණ්ඩුවම කළු වෙලා ! - දිනන දකුණ සාමූහිකය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇති බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි.
  • පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටටම බලපාන විදුලි අර්බුදයක් නොවැලැක්විය හැකි වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
  • නැව් ප්‍රමාදවන්නේ නම් විදුලිය කපන්න වේවි '' බලශක්ති අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන විට රටට ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කර ගත නොහැකිව ඇත.
  • මේ වන විටත් ගල් අඟුරු නැව් පහක් රටට පැමිණිය යුතුව ඇතත් ගෙන්වා ඇත්තේ නැව් දෙකක් පමණී.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීමේ අවදානමකට රට  මුහුණ දෙනු ඇති බව 'දිනන දකුණ සාමූහිකය' පවසයි.

'දිනන දකුණ සාමූහිකය' වෙනුවෙන් තුෂාර වීරරත්න විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ.

පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටටම බලපාන විදුලි අර්බුදයක් නොවැලැක්විය හැකි වනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

 

නැව් ප්‍රමාදවන්නේ නම් විදුලිය කපන්න වේවි

'' බලශක්ති අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන විට රටට ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කර ගත නොහැකිව ඇත.

මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුල රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩ බෑම කළ යුතුය. මේ වන විටත් ගල් අඟුරු නැව් පහක් රටට පැමිණිය යුතුව ඇතත් ගෙන්වා ඇත්තේ නැව් දෙකක් පමණී. නිසි වේලාවට ගල් අඟුරු තොග ලබා ගැනීමකින් තොරව ඩීසල් විදුලි මාෆියාවට අවස්ථාව සැලසීම මෙයට පෙර අවස්ථා ගණනාවක දී සිදුව ඇත.

නොරෙච්චෝල බලාගාරයේ යන්ත්‍ර වසා දැමීම හා රටේ විදුලි සැපයුම සීමා කිරීම ද මේ නිසා සිදුව ඇත.

ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ගෙන්වා ගැනීම හා ඒවා සම්බන්ධයෙන් නිසි ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට නොහැකිවීම රජයේ අසමත් භාවයකි. එයට බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම වගකිව යුතුය. ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා පිළිබඳ රජය පාර්ශවයෙන් කිසිදු පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට කටයුතු කර නැත.

සති දෙකක් පුරා ආනයනික ගල් අඟුරු බාර ගැනීම හෝ ප්‍රතිකේෂ්ප කිරීමක් ද සිදුව නැත. යම් ලෙසකින් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ නම්, රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමේ දැවැන්ත අර්බුදයක් මතු විය හැකිය.

එම තත්වය වලක්වා ගැනීමටත්, ගල් අඟුරු මිලදී ගැනීමේ දී පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කිරීමත් රජයේ වගකීමක් බව දිනන දකුණ සාමූහිකයේ ස්ථාවරය වේ.

jhdflkd
නිසි කලට නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීම රජයේ වගකීමකි
ගල් අඟුරු අර්බුදයට ඇමති - ලේකම් වගකිව යුතුයි

cvxgset

මේ අතර කොළඹ නිපෝන් හෝටලයේ දී අද (20) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුයේ, රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට- නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇති බවයි.

ස්වාධීන වෘත්තීය සමිති එකතුව විසින් එම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.

එම මාධ්‍ය හමුවේදී ඔහු තව දුරටත් මෙසේ කරුණු ගෙනහැර දැක්විය.

නොරෙච්චෝල විදුලි බලාගාරය සඳහා මේ වසරේ ගල්අඟුරු ඇණවුමෙන් නැව් 2 ක් මේ වන විට රටට පැමිණ ඇති අතර, තවත් නැව් තුනක් ලංකාවට පැමිණෙමින් ඇත. මේ වසර පුරා අඛණ්ඩ විදුලිය සැපයීමකට නම්, නිසි කලට රටට ගල් අඟුරු ලබා ගත යුතුය.

මේ දක්වාම රජය ට ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට හැකිවී නැත. ඒ නිසාම සමාගම් සඳහා මුදල් ගෙවීමක් ද සිදුව නැත. සමස්ත ටෙන්ඩරය ගැන බලවත් උගතෝකොටිකයක් මේ වන විට පැන නැගී ඇත.


ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විපක්ෂය ප්‍රශ්න කර ඇත. විවිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ගල් අඟුරු සමාගම මේ දක්වාම  ප්‍රතිචාරයක් දක්වා නැත. විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි.


මිලදී ගනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතිය සහතික කිරීම බලශක්ති අමාත්‍යාංශයේ වගකීමකි. අවිධිමත් ආකාරයට නිසි තාක්ෂණික උපකරණයක් හෝ නොමැතිව ටෙන්ඩර් ගිවිසුමට පටහැනිව, නොරොච්චෝල දී ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂාකර ඇති නමුත් එහි වගකීම කිසිදු බලධරයෙකු නිල වශයෙන් බාර ගෙන නැත. පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙතින් ප්‍රමිතිය පරීක්ෂාකර දහන අගය පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට ද රජය අසමත් ව ඇත.

අමාත්‍යාංශයේ අසමත්බව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දැනටමත් නොරොච්චෝල විදුලි බලාගාරයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වන තත්වයක් මතුව ඇත.

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 1/3 ක් සපයනු ලබන්නේ ගල් අඟුරු මගිනි. වසර පුරා අඛණ්ඩව විදුලිය සැපයීම නම් නිසි කලට නිසි ප්‍රමිතියක් සහිත ගල් අඟුරු අඛණ්ඩ සැපයීම සිදු කළ යුතුය.  මේ වන විටත් එය ඉටු කර ගැනීමට රජයට හැකිව නැත.  

නිසි කාල වකවානුවක් තුල ගල් අඟුරු සැපයීම තුලින් විදුලිය සැපයීම විදුලිබල අමාත්‍යාංශයේ සහ ගල් අඟුරු සමාගමේ වගකීමකි.

රජය ගල් අගුරු ප්‍රශ්නය විසඳීම වෙනුවට ප්‍රශ්න මඟහැර යාම බලශක්ති අර්බුදයකට හේතු විය හැකිය. යම් ලෙසකින් රජයට නිසි කලට ප්‍රමිතියක් සහිත ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වන්නේ නම් නොරොච්චෝල කටයසුතු අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගයකි. අනිවාර්යයෙන්ම එය විදුලි කප්පාදුවකට හේතුවිය හැකිය.  එවැනි තත්වයක් වලක්වා බලශක්ති අවශ්‍යතාව ස්ථාවර කර ගැනීම රජයේ වගකීමකි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල් අඟුරු නිසා මුළු ආණ්ඩුවම කළු වෙලා ! - දිනන දකුණ සාමූහිකය | The Leader