පැමිණිල්ලක් ලෙසින් නිකුත් කර ඇති වීඩියෝවක් හේතුවෙන් හෙට (21) ඔහුගේ දේහය ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කොට භූමදානය කිරීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ සොහොයුරිය මංගලා කරුණාතිලක පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ අද ( 20) පස්වරුවේ වාද්දුව තරුණ බෞද්ධ සමිති සංගම් ශාලාවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමිනි.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ඇගේ සහෝදරයා ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට ලංකාවේ දේශපාලන ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය වෙත පසුගිය ඔක්තෝබර් මාසයේදී පැමිණිල්ලක් කර ඇති බවට එම ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාව විසින් සදහන් කර ඇති බවයි.
ඒ අනුව සිය සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට නොහැකිවූ නිසා ඉදිරි පරීක්ෂණ සිදුකිරිමට ඔහුගේ දේහය ආදාහනය නොකරන භූමදානය කරන බව ඇය පැවසුවාය.
ඒ අනුව හෙට දින පස්වරුවේ වාද්දුව මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර මහ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී නන්දන ගුණතිලක මහතාගේ දේහය භූමදානය කිරීමට තීරණය කර ඇතැයිද ඇය වැඩි දුරටත් කියා සිටියේය.




