The Leader News
BREAKING
Top Ad
පුවත්

හයට් බිල්ඩිම විකුණන්න ලංසු කැඳවයි

T

The Leader Desk

January 20, 2026 • 4:16 PM

හයට් බිල්ඩිම විකුණන්න ලංසු කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංසු කැඳවා තිබේ.
  • ග්‍රෑන්ඩ් හයට් ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකළ ඉහළම මට්ටමේ ආගන්තුක සත්කාර සහිත සථානයකි.
  • මුහුදට මුහුණ ලා ඇති මෙම පරිශ්‍රය කාමර 458 කින් සහ අමතර සේවා සපයන මහල් නිවාස 100 කින් සමන්විතය.
  • මෙහි ආකර්ෂණීය මහල් 47ක් වන අතර සියල්ල මුහුද දෙසට මුහුණලා නිමවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිකාරීත්වය අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංසු කැඳවා තිබේ.

Sinolank කොළඹ ඉහළ වානිජ්‍ය වශයෙන් වටිනා ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් සමාගමයි.

ග්‍රෑන්ඩ් හයට් ජාත්‍යන්තර තරු 5 ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකළ ඉහළම මට්ටමේ ආගන්තුක සත්කාර සහිත සථානයකි.

මෙහි උපරි ව්‍යුහය (superstructure) දැනටමත් සම්පූර්ණයෙන්ම පාහේ ඉදිකර තිබෙන අතර ඉතිරිය සඳහා ආයෝකයෙකු අපේක්ෂා කරයි.

මුහුදට මුහුණ ලා ඇති මෙම පරිශ්‍රය කාමර 458 කින් සහ අමතර සේවා සපයන මහල් නිවාස 100 කින් සමන්විතය.

මෙහි ආකර්ෂණීය මහල් 47ක් වන අතර සියල්ල මුහුද දෙසට මුහුණලා නිමවා තිබේ.

එමෙන්ම මෙහි භූමිය අක්කර 2.32ක් බව සඳහන් වේ.

සේවක අර්ථසාධක අරමුදල ද කැන්විල් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන ආයෝජකයෙකු වේ..

මීට කැමති පිරිස් https://www.treasury.gov.lk/web/restructuring-canwill ඔස්සේ තොරතුරු ලබා ගත හැකි අතර අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය ලබන පෙබරවාරි (16) වැනිදා පස්වරු 2:00 ට (පැය 14:00) අවසන් වනු ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හයට් බිල්ඩිම විකුණන්න ලංසු කැඳවයි | The Leader