The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක්

T

The Leader Desk

January 21, 2026 • 3:43 AM

දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනය විශ්වවිද්‍යාලය තුල ස්ථාපිත කර තිබෙන පොංගු තමිල් ස්මාරකය ඉදිරිපිටදී 2026 ජනවාරි 17 වැනි සෙනසුරාදා පැවැති සැමරුම යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් රැසක් එක්ව සිටි බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.
  • පොංගු තමිල් හෙවත් දෙමළ පිබිදීමේ ප්‍රකාශනය 2001 ජනවාරි 17 වැනිදා මුල් වරට ප්‍රකාශයට පත් කෙරුණි.
  • ස්වයං නිර්ණ අයිතිය, සම්ප්‍රදායික දෙමළ නිජබිම, දෙමළ ජාතිකත්වය මුල් කොටගත් දෙමළ ජනයාගේ එක්සත් අභිලාෂ මෙම ප්‍රකාශනයේ ඇතුලත් වන අතර එම අයීතින් රජය විසින් පිළිගත යුතුය යන්න එහි සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනය විශ්වවිද්‍යාලය තුල ස්ථාපිත කර තිබෙන පොංගු තමිල් ස්මාරකය ඉදිරිපිටදී 2026 ජනවාරි 17 වැනි සෙනසුරාදා පැවැති සැමරුම යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් රැසක් එක්ව සිටි බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

පොංගු තමිල් හෙවත් දෙමළ පිබිදීමේ ප්‍රකාශනය 2001 ජනවාරි 17 වැනිදා මුල් වරට ප්‍රකාශයට පත් කෙරුණි.

ස්වයං නිර්ණ අයිතිය, සම්ප්‍රදායික දෙමළ නිජබිම, දෙමළ ජාතිකත්වය මුල් කොටගත් දෙමළ ජනයාගේ එක්සත් අභිලාෂ මෙම ප්‍රකාශනයේ ඇතුලත් වන අතර එම අයීතින් රජය විසින් පිළිගත යුතුය යන්න එහි සඳහන් වේ.

පොංගු තමිල් ස්මාරකය

යාපනය විශ්ව විද්‍යාල සිසු සංගමයේ මුලිකත්වයෙන් 2018 වසරේ සැප්තැම්බර් 17 වැනි  සඳුදා පොංගු තමිල් ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත කර තිබුනි.

එම අවස්ථාවට එක්වෙමින් එවකට යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් පවසා තිබුනේ පොංගු තමිල් ස්මාරකය දෙමළ ජනයාගේ අයිතීන් විදහා දක්වන සංකේතයක් වනු ඇති බවයි.

tamil cele pongu 260121

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ අභිලාෂ ලේඛනගත කළ පොංගු තමිල් ප්‍රකාශනයට විසිපස් වසරක් | The Leader