The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක !- ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?

T

The Leader Desk

January 21, 2026 • 4:00 AM

රජයේ විකිරණ තාක්ෂණවේදීන් දිවයින පුරා රෝහල්වල වර්ජනයක !- ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ, මාළිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරිය ආවරණ කරන පුද්ගලයාගේ විනය විරෝධී සහ විෂමාචාරී ක්‍රියාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.
  • එම පුද්ගලයා දැනට දරන තනතුරු වලින් සහ රෝහලෙන් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව එම විෂමාචාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් ස්වාධීන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
  • ඉහත කී පුද්ගලයා විසින් වෛද්‍ය ආඥා පනත, විකිරණ ආරක්ෂණ පනත සහ පොදු දේපල පනත යන පනත් උල්ලංඝනය කර ඇති අතර රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
  • මෙම ගැටලුව විසඳීමට අවශ්‍යය ලිඛිත එකඟතාවයන් ලබා දුනහොත් රෝගීන්ට සිදුවෙන අපහසුතාවය සලකා වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව සලකා බැලිය හැකි බව එම සංගමය ඊයේ දිනයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ, මාළිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරිය ආවරණ කරන පුද්ගලයාගේ විනය විරෝධී සහ විෂමාචාරී ක්‍රියාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිමට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.

එම පුද්ගලයා දැනට දරන තනතුරු වලින් සහ රෝහලෙන් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව එම විෂමාචාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් ස්වාධීන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

 මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඊයේ (20)  දහවල් 12 ට සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලු නිලධාරින් මෙම නීති විරෝධී හැසිරීම ගැටළු සහගත බව පිළිගත් නමුත්, ගැටලුවට මැදිහත් වූ පුද්ගලයා විමර්ශනය සිදු කරන කාලය තුළ එම තනතුරු වලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණයක් ගැනීමේ බලය ඔවුන් සතුව නොමැති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු බව පැවසී යයි චානක ධර්මවික්‍රම තව දුරටත් කියා සිටියේය.

ඉහත කී පුද්ගලයා විසින් වෛද්‍ය ආඥා පනත, විකිරණ ආරක්ෂණ පනත සහ පොදු දේපල පනත යන පනත් උල්ලංඝනය කර ඇති අතර රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙලෙස විශාල වැරදි ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන තාක්ෂණවේදීන්ගේ සංගමයේ විධායක සභාව, තවදුරටත් මේ සම්බන්ධයෙන් විසඳීමක් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ මෙම සංඛේත වර්ජන ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කරන ලද බව කියා සිටියි.

මෙම ගැටලුව විසඳීමට අවශ්‍යය ලිඛිත එකඟතාවයන් ලබා දුනහොත් රෝගීන්ට සිදුවෙන අපහසුතාවය සලකා වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව සලකා බැලිය හැකි බව එම සංගමය ඊයේ දිනයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී තිබිණ.

tangallaතංගල්ල මූලික රෝහල වර්ජන ක්‍රියාමාර්ගය
මහජන අවධානය පිණිසයි: ඔබේ විකිරණ පරීක්ෂණය සුරක්ෂිතද?

වර්තමාන වෛද්‍ය විද්‍යාවේ රෝග විනිශ්චය සඳහා X-ray, CT scan, සහ MRI වැනි විකිරණ පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. නමුත්, ඇතැම් රෝහල් පටු ලාභ පරමාර්ථ කරගනිමින්, නිසි වෘත්තීය සුදුසුකම් නොමැති පුද්ගලයන් මෙම පරීක්ෂණ සඳහා යොදවන බව නිරීක්ෂණය වී ඇත. මෙය ඔබේ ජීවිතය දැඩි අවදානමකට ලක් කරන ක්‍රියාවකි!

නුපුහුණු පුද්ගලයන්ගෙන් පරීක්ෂණ කරගැනීමේ අවදානම:

අවිධිමත් විකිරණ මාත්‍රාවන්:

රෝගියෙකුට ලබා දිය යුතු නිවැරදි විකිරණ මාත්‍රාව තීරණය කළ හැක්කේ විද්‍යාත්මක පුහුණුවක් ලද විකිරණ තාක්ෂණවේදීන්ට (Radiographer) පමණි. නුපුහුණු අය අතින් රෝගියා අනවශ්‍ය ලෙස අධි මාත්‍රාවන්ට ලක් විය හැක.

පිළිකා අවදානම:

අධි මාත්‍රාවන් ශරීරගත වීමෙන් සෛල විකෘති වී පිළිකා තත්ත්වයන් ඇති වීමේ විද්‍යාත්මක සම්භාවිතාවක් පවතී.

වැරදි රෝග විනිශ්චය:

 නිසි තාක්ෂණික දැනුම නොමැතිව ලබාගන්නා ඡායාරූප අපැහැදිලි වීම නිසා, වෛද්‍යවරයාට වැරදි රෝග විනිශ්චයකට මග පෙන්විය හැක.

රෝගියෙකු ලෙස ඔබ කළ යුත්තේ කුමක්ද?

image FB
විකිරණ පරීක්ෂණයකට ලක් වීමට පෙර ඔබේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කරුණු විමසන්න:

වෘත්තීය සුදුසුකම්:  ඔබේ පරීක්ෂණය සිදු කරන්නේ රජය පිළිගත් සුදුසුකම් ලත් විකිරණ තාක්ෂණවේදීයකුදැයි විමසන්න.

SLMC ලියාපදිංචිය: ඔහු/ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (Sri Lanka Medical Council) ලියාපදිංචි වෘත්තිකයෙකු දැයි තහවුරු කරගන්න.

ආරක්ෂිත ක්‍රමවේද: පරීක්ෂණයේදී අවශ්‍ය Lead Apron වැනි ආරක්ෂිත ආවරණ පිළිබඳව සැලකිලිමත් වන්න.

රෝහල් පරිපාලනයේ වගකීම

ලාභය අරමුණු කර නොගෙන, රෝගී ආරක්ෂාව වෙනුවෙන් සුදුසුකම් ලත් විකිරණ තාක්ශණවේදීන්  පමණක් සේවයේ යෙදවීම රෝහල් බලධාරීන්ගේ වගකීමකි. නුපුහුණු පුද්ගලයන් යොදවා ගැනීම නීතියට මෙන්ම වෛද්‍ය සදාචාරයටද පටහැනි ක්‍රියාවකි.

ඔබේ සෞඛ්‍යය ගැන තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. සැමවිටම සුදුසුකම් ලත් වෘත්තිකයෙකුගේ සේවය පමණක් ලබාගන්න!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...