The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිපතිට එරෙහිව හා පක්ෂව විරෝධතා !

T

The Leader Desk

January 21, 2026 • 11:45 AM

නීතිපතිට එරෙහිව හා පක්ෂව විරෝධතා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදෑසන 10.30 පමණ ජනමාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් සහ නීතිඥයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සාමකාමීව විරෝධතාවය ආරම්භ විය.
  • කෙටි වේලාවකින් විවිධ පිරිස් (අනන්‍යතාවය හෙළි නොවෙන ආකාරයෙන් මුහුණ වසාගෙන) විවිධ සටන් පාඨ (විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් සටන් පාඨ) රැගෙන එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ එක්වූහ.
  • නීතිපති වෙනුවෙන් Free Lawyers නීතිපති කාර්යාලයට එති මේ අතර අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම හෙළාදැකීම සහ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අද (21) දහවල් නීතිඥවරු පිරිසක් නීතිපති කාර්යාලයට පැමිණියේය.
  • ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ප්‍රේම්නාත් සී.
අකුරු ප්‍රමාණය (Font Size):


උදෑසන 10.30 පමණ ජනමාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් සහ නීතිඥයන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සාමකාමීව විරෝධතාවය ආරම්භ විය.

කෙටි වේලාවකින් විවිධ පිරිස් (අනන්‍යතාවය හෙළි නොවෙන ආකාරයෙන් මුහුණ වසාගෙන) විවිධ සටන් පාඨ (විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් සටන් පාඨ) රැගෙන එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ එක්වූහ.

shab 1shab 2shab 3
නීතිපති වෙනුවෙන් Free Lawyers නීතිපති කාර්යාලයට එති

මේ අතර අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම හෙළාදැකීම සහ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා අද (21) දහවල්  නීතිඥවරු පිරිසක් නීතිපති කාර්යාලයට පැමිණියේය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගුණරත්න වන්නිනායක ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් මෙලෙස පැමිණ සිටියහ.

නීතිපතිවරයාගේ කාර්යභාරය නිදහස්ව හා සියලු බලපෑම්වලින් තොරව සිදුකර ගැනීමට තම සංවිධානයේ පූර්ණ සහයෝගය හා සහාය පළ කරන බවත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී තවදුරටත් අපක්ෂපාතීව කටයුතු කිරීමට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බව එම නීතිඥයින් පිරිස නීතිපතිවරයා හමුවේ ප්‍රකාශකර ඇත.

නීතිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය ඇමතු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මෙසේ අදහස් දැක්විය.

''සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා හා නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කරගෙන සංවිධානාත්මකව අසත්‍ය, අපහාසකාරී හා වෛරයෙන් යුත් content දිගින් දිගටම පළ කිරීම් සිදුවන බව අප සංවිධානය නිරීක්ෂණය කර තියනවා. එවැනි අසත්‍ය හා උපක්‍රමශීලී ලෙස විකෘති කළ තොරතුරු ජනතාව අතර පැතිරවීම මගින් වෛරය හා සමාජ ගෞරවයට හානි කිරීම ඔවුන්ගේ පුරුද්දක්...විදේශගත ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙන්ම මෙරට යූටියුබ් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද මෙම ක්‍රියාවලට සක්‍රීයව දායක වෙමින් සිටිනවා.''

 

නීතිපති දෙපාර්තමේන්තුව විනාශ කර දේශපාලනික හෝ පුද්ගලික අරමුණු මත පදනම්ව එය භාවිතා කිරීමට යම් පිරිසක් උත්සාහ කරන බවක් පැහැදිලිව පෙන්න තියන බව පැවසු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, විමර්ශකයකුගේ කාර්යභාරය හා පැමිණිලිකරුවකුගේ භූමිකාව අතර ඇති වෙනස පිළිබඳ අවබෝධයක් නොමැතිව සිදුකරන මෙම ප්‍රචාර මගින් නීතිපතිතුමාගේ ගෞරවයට පමණක් නොව, දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී භාවයට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි කියා සිටියේය.

 

''මෙයට පෙරද අවස්ථා කිහිපයකදී මෙම පිරිස විනිසුරුවරුන් හා අධිකරණ සේවයේ කාර්යමණ්ඩලයට එවැනි බලපෑම් එල්ල කර තියනවා.''

කිසිදු බලපෑමකට යටත් නොවී, නිදහස්ව හා ගෞරවනීය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැමවිටම ක්‍රියා කර ඇති බවත්, එය ජනප්‍රියවාදයට යට නොව සාක්ෂි හා නීතිමය ක්‍රියාවලි අනුගමනය කළ යුතු බවත් අපගේ දැඩි විශ්වාසය යයි ද ඔහු කියා සිටියේය.

shab 45WhatsApp Image 2026 01 21 at 4.27.45 PM 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...