The Leader News
BREAKING
Top Ad
පුවත්

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේට ජීවිත තර්ජන: ආරක්ෂාව ඉල්ලුවත් මාස ගණනක් ආරක්ෂාව නෑ

T

The Leader Desk

January 21, 2026 • 3:59 PM

ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේට ජීවිත තර්ජන: ආරක්ෂාව ඉල්ලුවත් මාස ගණනක් ආරක්ෂාව නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමාණයක් පවරා හෝ පෙනී සිට ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සිය ජීවිතයට එල්ල වී තිබෙන තර්ජනයක් නිසා පොලිස් ආරක්ෂාව ලබාදෙන මෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට ඉල්ලා සිටින නමුත් පොලිසිය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
  • ඉන් අනතුරුව ඔහු පහළ මාලයේ සිටියදී ඉන්ටර්කොම් ඔස්සේ ඔහුගෙන් කරුණු විමසූ ආචාර්ය දාබරේ එම පුද්ගලයා ගැන සැක සිතී ඔහු හමුවිය නොහැකි බව දැන්වූ නමුත් යළිත් වරක් ඔහු පඩිපෙළ නගිමින් ආචාර්ය දාබරේ හමුවිය යුතු බව අවධාරණය කොට තිබේ.
  • ඒ අවස්ථාවේ නීතිඥ දාබරේ ගේ බිරිඳ ඔහු නිවසින් එලියට දමා ඇතත්, ඔහු බොහෝ වෙලාවක් නිවස අසල මාර්ගයේ සැරිසරමින්, නිවස තුළට යාමට උත්සහ කරනු CCTV දර්ශනවල දක්නට ලැබේ.
  • මෙය පැහැදිලිවම තමන්ගේ ජීවිතයට තර්ජනයක් බැවින් අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ අවසන් කොට සැකකරුවන් හඳුනාගන්නා තුරු සිය ආරක්ෂාව තර කරන මෙන් ආචාර්ය දාබරේ විසින් අගෝස්තු මස 26 වන දින පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රමාණයක් පවරා හෝ පෙනී සිට ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සිය ජීවිතයට එල්ල වී තිබෙන තර්ජනයක් නිසා පොලිස් ආරක්ෂාව ලබාදෙන මෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට ඉල්ලා සිටින නමුත් පොලිසිය මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.

පසුගිය වසරේ අගෝස්තු 14 වෙනි දින ඔහුගේ නිවස මාර්ගයේ කිහිප වතාවක් ගමන්කොට ඔත්තු බලා, අමුත්තන් නොමැති අවස්තාවක සීනුව පවා නාද නොකොට නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් කිසිදු කරුණු දැක්වීමකින් තොරව පඩිපෙළ නැග ආචාර්ය දාබරේ සිටින කාමරයට ඇතුළුවීමට උත්සහ දරද්දී ඔහුගේ සොහොයුරිය එය දැක ඔහු වලක්වා තිබේ.

ඉන් අනතුරුව ඔහු පහළ මාලයේ සිටියදී ඉන්ටර්කොම් ඔස්සේ ඔහුගෙන් කරුණු විමසූ ආචාර්ය දාබරේ එම පුද්ගලයා ගැන සැක සිතී ඔහු හමුවිය නොහැකි බව දැන්වූ නමුත් යළිත් වරක් ඔහු පඩිපෙළ නගිමින් ආචාර්ය දාබරේ හමුවිය යුතු බව අවධාරණය කොට තිබේ.

ඒ අවස්ථාවේ නීතිඥ දාබරේ ගේ බිරිඳ ඔහු නිවසින් එලියට දමා ඇතත්, ඔහු බොහෝ වෙලාවක් නිවස අසල මාර්ගයේ සැරිසරමින්, නිවස තුළට යාමට උත්සහ කරනු CCTV දර්ශනවල දක්නට ලැබේ.

මෙය පැහැදිලිවම තමන්ගේ ජීවිතයට තර්ජනයක් බැවින් අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ අවසන් කොට සැකකරුවන් හඳුනාගන්නා තුරු සිය ආරක්ෂාව තර කරන මෙන් ආචාර්ය දාබරේ විසින් අගෝස්තු මස 26 වන දින පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


එහෙත් ඒ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ මන්දගාමී ස්වභාවය හමුවේ ආචාර්ය දාබරේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ආචාර්ය දාබරේ ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමේ හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන මෙන් පසුගිය නොවැම්බර් 13 වෙනි දින පොලිස්පතිවරයාට නියම කරන ලද නමුත් ඔහුට මෙතෙක් කිසිදු ආරක්ෂාවක් සපයා නැත.


සුදත්ත තිලකසිරි වැනි ආණ්ඩුවට හිතවත් ඇතැම් පුද්ගලයින්ට වහාම ආරක්ෂාව සැපයීමට ක්‍රියාකරන පොලිසිය (පසුව එම ආරක්ෂාව ඉවත්කරන ලදී), ආචාර්ය දාබරේ වැනි ජනතා සුබසිද්ධිය වෙනුවෙන් සෘජුව පෙනී සිටින නීතිඥවරයෙකුට ආරක්ෂාව සැපයීමට මැලිවීම පැහැදිලිවම කනගාටුවට කරුණකි.

රහස් ඔත්තු සේවාවන් ඇතුළු ආරක්ෂක අංශවලට එරෙහි ආන්දෝලනාත්මක නඩු ගණනාවක් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ අචලා සෙනෙවිරත්න ද කලක් මුළුල්ලේ සිය ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටින නමුත් පොලිසිය එම ඉල්ලීමටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සමග එක්ව මුලින්ම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට මූලිකත්වය ගත් ආචාර්ය දාබරේ, අරගලයේදී සිදු වූ හානි වෙනුවෙන් වැරදි ලෙස වන්දි ලබා ගත්තේ කවුරුන්ද යන්න සොයා බැලීම පිණිසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ.  

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජනවාරි 20
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...