The Leader News
BREAKING
Top Ad
පුවත්

ගිනි ගානට බෙහෙත් දුන් ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මඩුල්ල අධිකරණයට

T

The Leader Desk

January 22, 2026 • 4:16 AM

ගිනි ගානට බෙහෙත් දුන් ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මඩුල්ල අධිකරණයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න, ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී.
  • නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයකු සහ සේවිකාවක් වන බී.ඩී.
  • අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):


නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහේස්ත්‍රාත්වරිය, චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.

විත්තිකාර පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදීමට මීට පෙර අවස්ථාවක අධිකරණය සුදානම් වු අවස්ථාවේදී මෙම නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මෙම අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මුලික විරෝධතාවයන් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය, චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.

එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් වන අශෝක පතිරගේ, මංජුල කරුණාරත්න, සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න,  සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න, ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී. අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයකු සහ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු  පමණක් අධිකරණයේ පෙනී සිටියහ.

නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්‍ෂක මහින්ද සිරිකුමාර විසින් අදාල පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...