The Leader News
BREAKING
Top Ad
පුවත්

මධ්‍යම කඳුකරයට යළි පණ දෙන්න ජාත්‍යන්තර සහය

T

The Leader Desk

January 22, 2026 • 6:00 AM

මධ්‍යම කඳුකරයට යළි පණ දෙන්න ජාත්‍යන්තර සහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.
  • ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
  • එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ ඊයේ  (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී පැවසීය.

 WhatsApp Image 2026 01 22 at 9.45.56 AM 1

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහිදී  අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

 

ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

WhatsApp Image 2026 01 22 at 9.45.56 AM 2
එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කළහ.

ආසියානු සංවර්ධන බැංකුවේ, මෙරට අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී Cholpon Mambetova, එහි ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම සහ ස්වභාවික සම්පත් විශේෂඥ Sumith Pokhrel, සහකාර ව්‍යාපෘති නිලධාරී ක්‍රිෂාන්ති දාබරේ ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota සහ එම වැඩසටහන නියෝජනය කරමින් වගීෂා ගුණසේකර, සුගන්ධි සමරසිංහ ද,  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද,  රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 WhatsApp Image 2026 01 22 at 9.45.56 AM

cent 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මධ්‍යම කඳුකරයට යළි පණ දෙන්න ජාත්‍යන්තර සහය | The Leader