නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක පර්වතයක් තුළ "Labradorite" ලැබ්‍රඩෝරයිට් නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බවය.
ලැබ්‍රඩෝරයිට් ඛනිජය අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇති බව එහි සඳහන් වේ.
නමුත් එම පාෂාණය සඳහා ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.
මීට දින දෙකකට පෙර, මහනුවර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතු මාරි අම්මන් දේවාලයේ අසල තිබූ කළුගල් පාෂාණයක නිල් පැහැති මැණික් ගලක් ඇති බවට වාර්තා විය.
ඒ අනුව, එම පාෂාණය පරික්ෂා කිරීම සඳහා ඊයේ (21) රාත්‍රියේ ජාතික මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය පැමිණ තිබුණි.
පසුව ඔවුන් අදාළ පාෂාණයෙන් සාම්පල කැබලි තුනක් ගෙන පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව ඊට අදාළ වාර්තාව නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවය.
| adaderana

සබැඳි ලිපියක් :
ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල අසලින් හමුවී ඇත්තේ Blue Sapphire මැණික් ගලක් ද ? | Chamal Jaliya




