The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා නිසා අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ට 'ඇඩිලේඩ් සහන යාත්‍රා’

T

The Leader Desk

January 22, 2026 • 8:30 AM

දිට්වා නිසා අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ට 'ඇඩිලේඩ් සහන යාත්‍රා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් උපකරණ, ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය, කාන්තා සහ පිරිමි සනීපාරක්ෂක ද්‍රව්‍ය, පැස්ටා හෝ නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාර සහ ටින් කළ ආහාර ආධාර ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ දේ පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් බව සංවිධායකයෝ පවසති.
  • ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’සංවිධායක මණ්ඩලය විසින් සියලු ද්‍රව්‍යමය ආධාර නැව්ගත කිරීමට සූදානම් කිරීමෙන් පසුව, මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ද හමුවී මෙම වැඩසටහනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇයව දැනුවත් කර ඇත.
  • ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ සත්කාරය සංවිධානය කිරීම, ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය ආයතන වන මැක්ස් රේඩියෝ, සීලෑන් ෆුඩ්ස්, ඉන්ටර්හබ් ලොජිස්ටික්ස් , සහ කේ.එච්.
අකුරු ප්‍රමාණය (Font Size):


දිට්වා සුළි කුණාටුවත් සමඟ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නාය යෑම් හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් බලපෑමට ලක්වූ අතර සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැපයීම සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව විසින් 'ඇඩිලේඩ් සහන යාත්‍රා' නමින් කඩිනම් ද්‍රව්‍යමය ආධාර එකතු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබුණේ 2025 දෙසැම්බර් 03 වන දින සිට 07 වන දින දක්වා ඇඩිලේඩ් නගරයේ මධ්‍යස්ථාන 4 කදී ය.

පාසල් උපකරණ, ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය, කාන්තා සහ පිරිමි සනීපාරක්ෂක ද්‍රව්‍ය, පැස්ටා හෝ නූඩ්ල්ස් වැනි ක්ෂණික ආහාර සහ ටින් කළ ආහාර ආධාර ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ දේ පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් බව සංවිධායකයෝ පවසති.

 

WhatsApp Image 2026 01 22 at 10.57.27 AM
‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ වැඩසටහන වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් මෙන්ම, ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විවිධ පාර්ශවයන් ද ආධාර ලබාදීමට උත්සුක වූ බවත් මෙසේ විවිධ ආයතන, කණ්ඩායම් සභ ජනප්‍රජාවන් විසින් එක් මානුෂීය අරමුණක් වෙනුවෙන් එකට එක්වූ බවත්, එම සෑම දෙනෙකුගේම දායකත්වය සමඟින් ටොන් පහළොවක් දක්වා බඩු භාණ්ඩ ප්‍රමාණයක් එක්රැස් වූ බවත් ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති.

‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ සත්කාරය සංවිධානය කිරීම, ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය ආයතන වන මැක්ස් රේඩියෝ, සීලෑන් ෆුඩ්ස්, ඉන්ටර්හබ් ලොජිස්ටික්ස් , සහ කේ.එච්. එන්ටටේන්මන්ට් එකමුතුවෙන් සිදු කෙරිණි. ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’සංවිධායක මණ්ඩලය විසින් සියලු ද්‍රව්‍යමය ආධාර නැව්ගත කිරීමට සූදානම් කිරීමෙන් පසුව, මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ද හමුවී මෙම වැඩසටහනේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇයව දැනුවත් කර ඇත. මෙම හමුවට මැක්ස් රේඩියෝ කළමනාකාර අධ්‍යක්ෂ අමිල ආරච්චිගේ, කේ.එච්. එන්ටර්ටේන්මන්ට් කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හෙන්නායක, සීලෑන් ෆුඩ්ස් අධ්‍යක්ෂ මනේෂ් ෆර්නෑන්ඩෝ, සහ ඉන්ටර්හබ් ලොජිස්ටික්ස් කළමනාකාර අධ්‍යක්ෂ ටිලාන් දෙල්පචිත්‍ර සහභාගි වී තිබේ.

WhatsApp Image 2026 01 22 at 10.57.27 AM 1
අනතුරුව ඉන්ටර්හබ් ලොජිස්ටික්ස් මෙහෙයුම් දායකත්වය යටතේ, ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ වැඩසටහනින් එකතුවූ ටොන් පහළවක ද්‍රව්‍යමය ආධාර තොගය ශ්‍රී ලංකාවට නැව් ගත කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව වෙත ළඟා වෙමින් පවතින එම ආධාර තොගය, ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් භාර ගැනීමෙන් අනතුරුව, පීඩාවට ලක් වූ පවුල්වල හය සඳහා බෙදා හැරීමට නියමිතව ඇත.

ඇඩිලේඩ් සහන යාත්‍රා වෙනුවෙන් පරිත්‍යාගයන් ලබා දුන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ඇතුළු ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තයන්ගෙන් දායකත්වය ලබාදුන් ඔස්ට්‍රේලියානුවන් ඇතුළු සියලුම පාර්ශවයන්ට ‘ඇඩිලේඩ් සහන යාත්‍රා’ සංවිධායක මණ්ඩලයත්, මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරියත් සිය හෘදයාංගම ස්තුතිය පුදකර තිබේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...