The Leader News
BREAKING
Top Ad
පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට විශේෂ සාකච්ඡාවක්

T

The Leader Desk

January 22, 2026 • 6:20 PM

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට විශේෂ සාකච්ඡාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
  • ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අධි නීතිඥ ලාල් විජේනායක සහභාගි වී සිටියේය.
  • මෙම ක්‍රියාවලිය සඳහා ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් කැඳවා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඔවුන් එසේ සම්බන්ධ නොවුවද මෙම ක්‍රියාදාමය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන ගොස් එය රජයට ඉදිරිපත් කළ හැකි බවත් සහභාගි වූ සියලු පාර්ශ්ව පවසන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම බහු පාර්ශ්වීය සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ onetext initiative ආයතනය විසිනි.

සහභාගි වූ පිරිස.  

z පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
z පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  
z පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර
z පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා
z පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා
z පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීනාත්
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ,ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තලතා අතුකෝරළ
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත
z හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන
z අධි නීතිඥ ලාල් විජේනායක
z ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
z නීතිඥ සුදර්ශන ගුණවර්ධන
z නීතිඥ සමන් සේනාධීර
z ආචාර්ය අතුල සිරි සමරකෝන්
z කථිකාචාර්ය ධම්ම දිසානායක
z හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
z ආචාර්ය විරංජන හේරත්
z මාධ්‍යවේදී සුනිල් ජයසේකර

මෙම අවස්ථාවට රජය පාර්ශ්වයෙන් ආරාධනා කර තිබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂන නානායක්කාර සහභාගී වී නොසිටීම විශේෂත්වයක්.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අධි නීතිඥ ලාල් විජේනායක සහභාගි වී සිටියේය.

මෙම ක්‍රියාවලිය සඳහා ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් කැඳවා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඔවුන් එසේ සම්බන්ධ නොවුවද මෙම ක්‍රියාදාමය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන ගොස් එය රජයට ඉදිරිපත් කළ හැකි බවත් සහභාගි වූ සියලු පාර්ශ්ව පවසන ලදී.

යම් හෙයකින් ආණ්ඩුව විසින් සාධනීය ආකාරයකින් නව ආණ්ඩුක්‍රම අවස්ථාවක් සම්පාදනය කරනු ලැබුවහොත් ජාතික යුතුකමක් සේ ඊට සහාය දක්වනවා සේම, රටට පිළිගත නොහැකි ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය වුවහොත් ඊට එරෙහිව සියලු පාර්ශව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය යුතු බවටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවයට පත් වූහ.

 xzvzsfsf

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට විශේෂ සාකච්ඡාවක් | The Leader