නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස් සිව්වෙනි මානය' වැඩසටහනට එක්වෙමිනි.
'නීතිපති ඉවත් කිරීම ආණ්ඩුවට ලේසි නෑ’- අජිත් පී. පෙරේරා
මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ අජිත් පී. පෙරේරා පවසන්නේ, රජයේ උසස් නිලතල දරන නිලධාරීන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සහ පනතක් තිබෙන බැවින් පොලිස්පති, නීතිපති, විගණකාධිපති ඉවත් කිරීමට පහසු නොමැති බවයි.
159ක් සහ තුනෙන් දෙකක් තිබූ පමණින් ඔවුන් ඉවත් කිරීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ සජබ කාර්යාලයේදී ඊයේ (ජන. 22) පැවති මාධ්‍ය හමුවකදීය. .
ආණ්ඩු බලය ගත්තාට පසුව රාජ්‍ය බලය සමග කටයුතු කළ යුතු බවත් රාජ්‍ය ඡන්දයෙන් ඡන්දයට මාරු වෙන්නේ නැති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේ ය.
ඒ අනුව, පොලිස්පති, නීතිපති හා විගණකාධිපති ඉවත් කිරීමට නොහැකි බව ඔහු කීවේය.
රට තුළ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තිබෙන නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු රැසක් තිබෙන බව රටේ සියලු ම දෙනා පිළිගන්නා කාරණයක් බව ඔහු කීවේය.
යුක්තිය පසිඳළීම පිළිබඳව ප්‍රමාදයක් තිබෙන බවත් දේශපාලනික බලපෑම් තිබෙන බවත් කී මන්ත්‍රිවරයා, පොලිසියත් අතිශයින් දුර්වල වී තිබෙන බව සඳහන් කළේ ය.
මෙවැනි වාතාවරණයක් තුළ රාජ්‍ය තත්න්‍රයේ පත්කිරීම් සඳහා රජය සිදුකරන අයුතු බලපෑම් පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන විට නීතිඥ සංගමය ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් කරුණු මත පදනම්ව හෙළා දකින විට නීතිඥවරුන්ටත් පහර දෙන බව ලාල්කාන්ත ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ යැයි සජබ මන්ත්‍රිවරයා කීවේය.
එසේ ම, ආණ්ඩුව විවේචනය කරන නීතිඥයන්ට, භික්ෂුන් වහන්සේලාට, කතෝලික පූජකවරුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ලාල්කාන්ත ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් දේශපාලනිකව එලෙස සිදුකිරීමට හැකියාව තිබුණත් සාදාචාරාත්මකව එලෙස සිදු කිරීමට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීවේය.
ඔවුන් සිදුකරන විවේචන සාධාරණනම් ඒවා පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සිදු නොකළ යුතු බවත් මන්ත්‍රිවරයා කීවේය.




