The Leader News
BREAKING
Top Ad
පුවත්

අනූෂ පැල්පිට රිමාන්ඩ්

T

The Leader Desk

January 23, 2026 • 3:34 PM

අනූෂ පැල්පිට රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
  • සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්, සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
  • සැකකරුට එරෙහි පැමිණිල්ල 2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්, නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නාය.
  • එම පුද්ගලයින් ප්‍රකාශ ලබාදීම මගහැර ඇති බවත් පැවසීය මුදල් ඉපවූයේ ඉඩමක් අලවි කිරීමෙන් බවට ප්‍රකාශ කලද එම ඉඩම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් කොමිසම වෙත 2016 සිට ලබා නොදුන් බවත් ප්‍රකාශ කලේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සිකුරාදා (ජන. 23) මෙම නියෝගය නිකුත් කළේ ය.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිස මේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි කරුණු දක්වමින් කියා සිටියේ, වසර දෙකක කාලය තුළදි සිය වැටුප් සහ අදායම් වලින් උපයා ගත් නොහැකි රුපියල් මිලියන 46 වත්කම් උපයා ගැනිම හා එකි වත්කම් උපයාගත අකාරය අනාවරණය කිරීම අපෝහොසත්වීම මත සැකකරුඅල්ලස් පනතේ 23( අ) 1 වගන්තිය පරිදි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  විමර්ශන සිදු කරන බවත්, සැකකරුගේ බිරිඳගෙන් සහ බිරිඳගේ සහෝදරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් සැකකරු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.


සැකකරුට එරෙහි පැමිණිල්ල 2015 දී ලැබුණු බවත් 2016 වර්ෂයේ දී විමර්ශන ආරම්භ කොට එම පැමිණිල්ල සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමක් කළ බවත්, නිසි පිළිතුරු ලබාදීමට සැකකරු අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන්නාය.


එකි වත්කම් උපයාගත්තේ කෙසේදැයි 2016 වසරේදී විමසා සැකකරු වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස විදේශ රටක සිටින සිය බිරිද ගේ නැගනිය සහ ඇගේ සැමියා විසින් රුපියල් මිලියන 11 ක මුදලක් එව් බව ප්‍රකාශ කර ඇති බවත් එය තහවුරුකිරිම කිසිදු ලේඛනයක් ලබා නොදුන් බවත්, ඒ අනුව එම පුද්ගලයින්ගෙන්  ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවත් පෙන්වා දුන්නේය.

එම පුද්ගලයින් ප්‍රකාශ ලබාදීම මගහැර ඇති බවත් පැවසීය

මුදල් ඉපවූයේ ඉඩමක් අලවි කිරීමෙන් බවට ප්‍රකාශ කලද එම ඉඩම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් කොමිසම වෙත 2016 සිට ලබා නොදුන් බවත් ප්‍රකාශ කලේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ, සේවා දායකයා කිසිදු අයථාවත්කමක් උපයා ගැනීමක් සිදු කර නොමැති බව කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

සියලු කරුනු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ, සැකකරු සාක්ෂි කරුවන්ට බලපැම් කිරීමට ඇති හැකියාව මත සැකකරු රක්ෂිත බන්ධනාගාගත කරන බවය.

තවද මෙම සිද්දිය සම්බන්ධයෙන්  පරික්ෂණ කඩිනමින් අවසන් කොට ඉදිරිදින ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ අල්ලස් කොමිසමට නියෝග කලේය.

(lankadeepa | රෝෂන් තුෂාර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනූෂ පැල්පිට රිමාන්ඩ් | The Leader