විගණකාධිපති තනතුර හිස් වීමෙන් එහි මූල්‍ය පාලන කටයුතු වලට ඇතිවූ බාධාව මගහරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.
විගණකාධිපති තනතුර මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ හිස්ව පැවතීම හේතුවෙන් එහි කටයුතු රැසකට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.
විගණන වාර්තා නිකුත් කිරීමද විගණන විමසුම් කිරීමද එහි උසස්වීම් කටයුතුවලටද විගණකාධිපතිවරයකු නොමැතිවීමෙන් දැඩි බාධාකාරී තත්වයක් මතුව ඇත.
මේ අතර විගණන වාර්තා නිකුත් කිරීම ඇනහිටීම හේතුවෙන්, විගණන වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) යන කමිටුවල වැඩ කටයුතු ද සම්පූර්ණයෙන්ම නතරව ඇත.
එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල පැහැදිලිවම සඳහන්වේ.
රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා විශ්‍රාම යාමෙන් පසු එම තනතුර පුරප්පාඩු විය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයේ විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට පසුගිය වසරේ අප්‍රේල් මස 09 වැනිදා සිට පත් කෙරිණ.
කෙසේ වෙතත් ඔහුගේ වැඩ බැලීමේ කාලයද පසුගිය දෙසැම්බර් මස 06 වැනිදායින් අවසන් විය.
ධර්මපාල ගම්මන්පිල ජාතික විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර ඔහුගේ සේවා කාලය වසර තිහකට වැඩිය.
(lankalokaya | අසේල පෙරේරා)




