ඔස්ටින් ප්‍රනාන්දු පත් කිරීමට අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ලෙස සේවය කළ වෛද්‍ය අනුලා විජයසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනාගේ නිල කාලය පසුගිය 16 වැනිදා අවසන් වීමෙන් පසු එම තනතුරු පුරප්පාඩු විය. ඒ අනුව නව සාමාජිකයන් පත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා ආරම්භ විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයන් පත් කරනු ලැබිය යුතු වන්නේ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වය අනුව කතානායකවරයා විසිනි.
මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. එසේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ද වෙයි.
රංජිත් ආරියරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර අමාත්‍යාංශ රැසක ලේකම් ධුර දැරූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධුරය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු රාජ්‍ය සේවයේ උසස් වගකීම් තනතුරු රැසක් දරා ඇත්තෙකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනකුගෙන් යුක්ත වේ.
(lankalokaya | අසේල පෙරේරා)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
T
The Leader Desk
January 23, 2026 • 4:19 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔස්ටින් ප්‍රනාන්දු පත් කිරීමට අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ලෙස සේවය කළ වෛද්‍ය අනුලා විජයසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනාගේ නිල කාලය පසුගිය 16 වැනිදා අවසන් වීමෙන් පසු එම තනතුරු පුරප්පාඩු විය.
- මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.
- එසේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ද වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



