මෙම දැනුම් දීම ලිඛිතව මෙරට සියළුම තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට අද දින යැවීමට කටයුතු කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මීට අමතරව ඇමරිකානු ජනාධිපති ප්‍රමුඛ ලෝකයේ සියළුම රටවල රාජ්‍ය නායකයින්ට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ලෝක බැංකුවට, පොදු රාජ්‍ය මණ්ඩලයට, ආසියානු සංවර්ධන බැංකුවට, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඇතුළු ජාත්‍යයන්තර සංවිධාන රැසකට ලිඛිතව මෙම දැනුම් දීම සිදුකළ බව ද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
විගණකාධිපතිවරයා පත්නොකිරීම, නීතිපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රැසක් සිදුකරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත් මේ ගැන කඩිනමින් අවධානය යොමුකරන ලෙසට තමා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවත් සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා
විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.
මීට අමතරව 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේද අවදානමක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම වාර්තාව ලබන මැයි මස 31 ට පෙර නිකුත් කළ යුතුවේ.
විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් එම වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව කටයුතු මුළුමනින්ම නැවතී ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව සඳහන්වේ.
ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතුද අඩාල වීම හේතුවෙන් මෙම කටයුතු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරනු ලැබ ඇතැයි වාර්තාවේ.
විගණකාධිපතිවරයකු නැතිවීමෙන් විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින් වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරනු ලැබ ඇති බවයි.
සබැඳි පුවත් :
විගණන කාර්යාලයේ පාලනය භාණ්ඩාගාර ලේකම්ට!
විගණකාධිපතිවරයකු පත් නොකිරීම ගැන සුජීව ජාත්‍යන්තරයට ලියයි !
T
The Leader Desk
January 24, 2026 • 10:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම දැනුම් දීම ලිඛිතව මෙරට සියළුම තානාපතිවරුන්ට, මහ කොමසාරිස්වරුන්ට අද දින යැවීමට කටයුතු කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
- විගණකාධිපතිවරයා පත්නොකිරීම, නීතිපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු රැසක් සිදුකරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවත් මේ ගැන කඩිනමින් අවධානය යොමුකරන ලෙසට තමා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින බවත් සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
- විගණකාධිපතිවරයකු නැතිව ලොකු විගණන වාර්තා 130ක් හිරවෙලා විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.
- මීට අමතරව 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේද අවදානමක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



