The Leader News
BREAKING
Top Ad
පුවත්

ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග කුණු කුඩයට දාලා !

T

The Leader Desk

January 24, 2026 • 4:11 PM

ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග කුණු කුඩයට දාලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව ක්‍රියාත්මක වී නැතැයි වාර්තාවේ.
  • පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක් ( 2001- 2024 කාලයේදී) පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
  • මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් නිසියාකාරව  ක්‍රියාත්මක වී නැතැයි වාර්තාවේ.

පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක් ( 2001- 2024 කාලයේදී) පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2024 වාර්ෂික වාර්තාවේය.

මේ අතර 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලින් පසුව නිකුත් කරන ලද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් අවධාරණය කරයි.

කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම මතක් කරමින් නිල නිවේදනයක්ද නිකුත් කර ඇත.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආයතන දෙසීයක් මානව කොමිසමේ නියෝග කුණු කුඩයට දාලා ! | The Leader