The Leader News
BREAKING
Top Ad
පුවත්

‘අභිචෝදක කාර්යාලය දඩි-බිඩියේ හදන්න බෑ’- අධිකරණ ඇමති

T

The Leader Desk

January 24, 2026 • 4:23 PM

‘අභිචෝදක කාර්යාලය දඩි-බිඩියේ හදන්න බෑ’- අධිකරණ ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පත්‍රිකාව සකස් කර ගැනීමේ සාකච්ඡා කටයුතු මේ වන විට සිදු වන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කීවේය.
  • එම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවුවද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වූ පරිදි හැකි ඉක්මණින් ඒ කටයුත්ත නිම කිරීමට උත්සාහ කරන බව ඔහු කීවේය.
  • ඒක මේ හිතනවා වගේ දඩි-බිඩියේ විනාඩි 05න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
  • මොකද එතැනදී අවුරුදු 200ක් පරණ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක මුළු නීති වගන්ති බලලා පළමුව “සංකල්ප පත්‍රිකාව” හරියට හදන්න ඕනෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්‍රිකාව සකස් කර ගැනීමේ සාකච්ඡා කටයුතු මේ වන විට සිදු වන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර කීවේය.

එම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවුවද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වූ පරිදි හැකි ඉක්මණින් ඒ කටයුත්ත නිම කිරීමට උත්සාහ කරන බව ඔහු කීවේය.

මේ පිළිබඳ කළ විමසීමකදී අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙසේද කීවේය.

 “ඒ සම්බන්ධයෙන් කමිටුව දිගට ම කටයුතු කරගෙන යනවා. ඒ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ. එතුමා දිගටම වැඩකටයුතු කරමින් සිටිනවා.

ඒක මේ හිතනවා වගේ දඩි-බිඩියේ  විනාඩි 05න් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එතැනදී අවුරුදු 200ක් පරණ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක මුළු නීති වගන්ති බලලා පළමුව “සංකල්ප පත්‍රිකාව” හරියට හදන්න ඕනෑ. ඒකට අවශ්‍ය සාකච්ඡා කටයුතු කෙරීගෙන යනවා.

 ඒ දේ මේ මොහොතේ මට නිශ්චිතව කියන්න බැහැ. කමිටුව නැවත හමුවෙන්න ඕනෑ. එතකොට ඒකට ගතවන කාලසීමාව මට බලලා කියන්න පුළුවන්. නමුත් මෙය ඉක්මණින් කෙරෙන බව මා දන්නවා.”

2025-05-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

cxvxvdsf

(මුලාශ්‍රය | Mawbima -රවිශාන් ප්‍රනාන්දු)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...