දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව මාධ්‍ය වෙත එක්වෙමිනි.
මේ වනවිට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
එජාප - සජබ නායකයින් අතර අදත් තීරණාත්මක සාකච්ජාවක්
මේ අතර ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්වී වැඩ කිරීම සඳහා එම පක්ෂ දෙක අතර පුළුල් එකඟතාවයක් ඇතිකර ගැනීමේ අරමුණින් යුතුව එම පක්ෂ දෙකෙහි නායකයින් අතර අද (24) දහවල් තවත් විශේෂ සාකච්ජාවක් පවත්වා තිබිණ.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ 'කලම්බෝ ක්ලබ්' හි දී 'දිවා භෝජන සාකච්ජාවක් (lunch meeting) ලෙස පැවති එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර සහ විපක්ෂ නායක ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා සහභාගී වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල, උප නායක අඛිල විරාජ් කාරියවසම්, උප සභාපති නවින් දිසානායක සහ ජාතික සංවිධායක සාගල රත්නායක සහභාගී ඇත.
පක්ෂ දෙකෙහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මෙම සාකච්ජාවේදී පක්ෂ දෙකෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පලදායී තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනික එකඟතාවය ඇතිකර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස සහ එජාප නායකයින් අතර පළමු සාකච්ජාව පැවතියේ පසුගිය (2025) දෙසැම්බර් 30 දාය.
අද පැවති හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවත්ය.




