The Leader News
BREAKING
Top Ad
පුවත්

රුපියල් කෝටි දොළහක් වතුරේ යැවූ තීන්දුවක් !

T

The Leader Desk

January 24, 2026 • 4:36 PM

රුපියල් කෝටි දොළහක් වතුරේ යැවූ තීන්දුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකකය (SOE Restructuring Unit) හිටි හැටියේම වසා දමා ඇතැයි වාර්තා වේ.
  • මෙම ඒකකය පවත්වාගෙන යාම සඳහා වසර දෙකකට (2023-2024) රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
  • මින් කෝටි හයක්ම වැය කර ඇත්තේ එම ඒකකයේ සේවකයන්ට පඩි නඩි ගෙවීම සඳහා බව ජාතික විගණන කාර්යාලය පවසයි.
  • එය එහි සමස්ත වියදමින් සියයට 48 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකකය (SOE Restructuring Unit) හිටි හැටියේම වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙම ඒකකය පවත්වාගෙන යාම සඳහා වසර දෙකකට (2023-2024) රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මින් කෝටි හයක්ම වැය කර ඇත්තේ එම ඒකකයේ සේවකයන්ට පඩි නඩි ගෙවීම සඳහා බව ජාතික විගණන කාර්යාලය පවසයි. එය එහි සමස්ත වියදමින් සියයට 48 කි.

කෙසේ වෙතත් මෙම ඒකකයේ මෙහෙයුම් කටයුතු පසුගිය වසරේ පෙබරවාරි මස සිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මෙම තොරතුරු සඳහන් වන්නේ 2024 විගණන වාර්තාවේය. වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ගේ අත්සනින් යුතුව එම වාර්තාව නිකුත් කෙරිණි.

( lankalokaya | අසේල පෙරේරා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...