පොලීසිය පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු දිවයිනට රැගෙන ආ බවයි.
ඒ, මහජන ආරක්ෂ අමාත්‍යවරයාගේ සහ එම අමාත්‍යංශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
සැකකරු රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
මෙලෙස ගෙන්වා ඇත්තේ අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ සිදුකෙරෙනු ඇත.




