The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දියාවට යැවූ ගල්අඟුරු සාම්පලවල ප්‍රමිතියේ අඩුවක් - කැබිනට් ප්‍රකාශක

T

The Leader Desk

January 25, 2026 • 2:55 PM

ඉන්දියාවට යැවූ ගල්අඟුරු සාම්පලවල ප්‍රමිතියේ අඩුවක් - කැබිනට් ප්‍රකාශක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
  • කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවය.
  • ,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා.
  • නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ අනුව අදාළ සමාගමෙන් දඩ අයකර ගැනීමට කටයුතු කරන බවය.

"ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. පළමු මෙ.ටො. 60,000 මෙරටට ගෙන්වූ පසු ගල්අඟුරු සමාගම විසින් ඉන්දියාව යවා සිදුකළ සාම්පල පරීක්ෂාවේ දී එහි අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් හඳුනාගත්තා. ඒ නිසා දඩ අය කරනවා. දෙගුණයක දඩයක් නියම වෙනවා. ලංකාවට ගොඩබෑවට පස්සේ සිදුකරන සාම්පල පරීක්ෂාවේ දී ප්‍රමිතිය නැත්නම්, අනිවාර්යයෙන් අදාළ කොටසට දඩ ගෙවන්න වෙනවා" යැයි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසිය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 

''තුන්වන ගල් අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි'' -  පුබුදු ජයගොඩ

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වා ඇති තුන්වන ගල් අඟුරු නැවත් ප්‍රමිතියෙන් තොර බවයි.

 අද පොළොන්නරුවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

''මෙවර ට්‍රයිඩෙන්ට් කෙම්ෆර් නම් ඉන්දියානු සමාගමෙන් ආනයනය කර ඇති ගල් ඇඟුරු ප්‍රමිතියෙන් තොර බවට අප කියද්දී ආණ්ඩුව, විශේෂයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළා. පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරු වල ජනන ශක්තිය අඩු බව සහ එහි අළු ප්‍රතිශතය වැඩි බව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අනුබද්ධ රජයේ රසායනාගාරය වාර්තා කළ පසුවවත් එය පිළිගත්තේ නෑ. එහි සාම්පල සඳහා දෙවන පරීක්ෂණයක් ඉන්දියාවේ රසායනාගාරයක කළා. එම රසායනාගාර වාර්තාවත් ලංකාවේ වාර්තාව තහවුරු කළා.

ඉන් පසුව ආණ්ඩුව ලංකාවේ රසායනාගාර වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමේ අත්තනෝමතික තීරණයක් ගත්තා. නමුත් රසායනාගාර වාර්තා සැඟවූවත් අවසානයේ බලාගාරය ජනනය කරන විදුලි බල Strongly සහ එයට භාවිතා වූ ගල් අඟුරු ප්‍රමාණය මත ප්‍රමිතිය සොයා ගන්න පුළුවන්. ජනවාරි 21 වැනිදා ලංවිම නිකුත් කළ මේ වාර්තාවට අනුව තුන්වන නැවේ ගල් අඟුරු තොග වලත් ප්‍රමිතිය නෑ. වෙනදා ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකකින් 270MW බැගින් 810MW විදුලියක් ජනනය කලා.


නමුත් තුන්වන නැවේ ගල් අඟුරු වලින් ජනනය කර ඇත්තේ 715MW පමණයි. ඒ ජනන යන්ත්‍ර තුනෙන් 240, 239, 236 MW බැගින්. මේවායේ ජනන ධාරිතාව 300 MW. විදුලි බල විශේෂඥ විදුර රළපනාව මහතා මෙය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. එනිසා තුන්වන නැවේත් ගල් අඟුරු ප්‍රමිතිය බාල බව පැහැදිලියි. ටෙන්ඩර් ගිවිසුමට අනුව නැව් දෙකක තොග ප්‍රමිතියෙන් අසමත් වුණොත් ඇණවුම අවළංගු වෙනවා.


අපි 2025 සැප්තැම්බර් සිට කියන කරුණු නොඇසූ කණ් ඇතිව සිටි ආණ්ඩුව අද සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වන The Sunday Times පුවත්පතට පවසා තිබෙනවා ප්‍රමිතිය බාල වීමේ ප්‍රශ්නය පිළිගන්නා බව. ඒ සඳහා විකල්ප දෙකක් යෝජනා කර තිබෙනවා ස්ථානීය හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සහ ගල් අඟුරු පටවන වරායේදී පරීක්ෂා කර, ප්‍රමිතියෙන් බාලනම් ප්‍රතික්ෂේප කිරීමට. මේ තීරණ කලින් ගත යුතුව තිබූ ඒවා. දැන් ප්‍රමාද වැඩියි. ඉදිරි වසරටම අවශ්‍ය ගල් අඟුරු ගොඩබෑමට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනකට අඩු කාලයක්. අප්‍රේල් වාරකන් පටන් ගන්නවා.

මේ ටෙන්ඩර් පටිපාටිය සැක සහිතයි. ටෙන්ඩරය කැඳවීම මාස තුනක් ප්‍රමාද කළා. මේ සමාගමට ලියාපදිංචිය දුන්නේ ඒ අතර. මේ සමාගමට ගැළපෙන පරිදි ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව සති හයේ සිට තුනට අඩු කළා. එතකොට කිව්වේ හදිසියි කියලා. එහෙම කිව්වට ටෙන්ඩරය ප්‍රදාන කරන්න සති හයක් ගත්තා.

 මේ සමාගම සතොසට සහල් ආනයනය කර වංචා චෝදනා වලට ලක්වූ සමාගමක්. මේ සමාගමේ හිමිකරුවා ඉන්දියාවෙන් මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ කෙනෙක්. මේ සමාගමේ දේශීය නියෝජිතයාත් වංචා ගැන චෝදනා ලැබූවෙක්. මේ තරම් පැහැදිලි චෝදනා තිබියදීත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මේ සමාගම වෙනුවෙන් මෙපමණ පෙනී සිටින්නේ ඇයි?

අපි දිගින් දිගටම කියනවා ජනාධිපතිතුමා මැදිහත් වී අපක්ෂපාතී විමර්ශනයක් කරන්න. මේ විෂමාචාර වල පාඩුව විදුලි බිල හරහා ජනතාව මත පටවන්න එපා. වගකිවයුත්තන්ගෙන් අලාභය අය කර ගන්න. හොරු ආරක්ෂා කරන්න එපා.''

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...