The Leader News
BREAKING
Top Ad
පුවත්

වැඩ තහනමට ලක්වු පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගෙන් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි !

T

The Leader Desk

January 26, 2026 • 3:39 AM

වැඩ තහනමට ලක්වු පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගෙන් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව ඔහු විසින් අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි වාර්තාවේ.
  • දිවයිනේ සිටින ප්‍රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් විසින් චමින්ද කුලරත්න වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බවද සඳහන්ය.
  • ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටත් එම නීතිඥ පිරිස අවශ්‍ය කටයුතු කරමින් සිටින බව දැන ගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව ඔහු විසින් අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතන වලට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවැනි ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් තිබේ නම් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක් කැඳවා තමන්ටද කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමි විය යුතුව තිබු නමුත් එසේ නොකර එක්වරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්මපවා කථානායකවරයා විසින් කඩ කර ඇතිබවද අදාළ පැමිණිල්ලේ සඳහන් වන බව දැනගන්නට තිබේ.

දිවයිනේ සිටින ප්‍රවිණතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් විසින් චමින්ද කුලරත්න වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බවද සඳහන්ය.

ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටත් එම නීතිඥ පිරිස අවශ්‍ය කටයුතු කරමින් සිටින බව දැන ගන්නට ඇත.


(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)


සබැඳි පුවත :

පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කරයි !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...