The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති තනතුරට ධර්මපාල පත් කරන්න - මහනායක හිමිවරු ඉල්ලති

T

The Leader Desk

January 26, 2026 • 5:09 AM

විගණකාධිපති තනතුරට ධර්මපාල පත් කරන්න - මහනායක හිමිවරු ඉල්ලති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිපිය මගින් කරුණු දක්වා තිබේ.
  • ශ්‍රී ලංකා ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ 41 වන විගණකාධිපතිවරයා 2025-04-08 දින විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති තනතුර පුරප්පාඩු විය.
  • ඒ අනුව අදාළ තනතුරෙහි වැඩබැලීම සඳහා 2025-04-09 සිට 2025-12-05 දක්වා ධර්මපාල ගම්මන්පිල පත් කළ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
  • ගත වූ මාස 8කට ආසන්න කාලයේදී ස්ථාවර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සහ වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව තිබීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව අතර මතභේද ඇති වී ඇතැයි ද මහනායක හිමිවරු පෙන්වා දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිපිය මගින් කරුණු දක්වා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ 41 වන විගණකාධිපතිවරයා 2025-04-08 දින විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති තනතුර පුරප්පාඩු විය. ඒ අනුව අදාළ තනතුරෙහි වැඩබැලීම සඳහා 2025-04-09 සිට 2025-12-05 දක්වා ධර්මපාල ගම්මන්පිල පත් කළ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

ගත වූ මාස 8කට ආසන්න කාලයේදී ස්ථාවර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සහ වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව තිබීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව අතර මතභේද ඇති වී ඇතැයි ද මහනායක හිමිවරු පෙන්වා දී ඇත.

මෙම භාරදුර වගකීම් සමුදාය ඉටුකිරීමට ශක්‍යතාව සම්බන්ධව මතු වූ ගැටලු හේතුවෙන් එම තනතුරට නිර්දේශ කළ කිහිපදෙනකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවද උන්වහන්සේලා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙනිසා රජයේ විගණකාධිපති ලෙස පිටතින් අයෙක් පත්නොකර විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම සුදුසුම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත්කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.

( aruna | ශිරාන් රණසිංහ)


dfafawrw

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...