The Leader News
BREAKING
Top Ad
පුවත්

ගල් අඟුරු ප්‍රශ්න දුරදිග යයි - ළඟදීම බලශක්ති අර්බුදයක් !

T

The Leader Desk

January 26, 2026 • 7:57 AM

ගල් අඟුරු ප්‍රශ්න දුරදිග යයි - ළඟදීම බලශක්ති අර්බුදයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට මෝසම් වැසි ආරම්භ වීමට පෙර අවම වශයෙන් මාර්තු මැද භාගය වන විට ගල්අගුරු මිලදී ගැනීම් අවසන් කළ යුතු බවත් අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්වය හේතුවෙන් ගල්අගුරු ගොඩබෑම කළ නොහැකි බවත් ප්‍රවීණයෝ පවසති.
  • මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60,000 ක් හෙවත් කිලෝ කෝටි 6 ක ප්‍රමාණය අවම වශයෙන් නැව් 38 ක් ලෙස රැගෙන ආ යුතු බවත් එම ප්‍රමාණයෙන් මේ වන විට නැව් තුනක් පමණක් ලැබී ඇති බවත් ඔවුහු පවසති.
  • එම ටෙන්ඩරය යටතේ ලැබුණු තෙවැනි තොගය ද ප්‍රමිතියෙන් තොර යැයි නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්‍ෂාණාගාරය තහවුරු කර ඇති බවත් තවත් ගල් අගුරු නැව් තුනක් මෙරට ළගාවෙමින් ඇති බවත් වාර්තා වේ.
  • මෙම තත්වයට විසඳුමක් ලෙස ලංකා කෝල් සමාගම විසඳුම් දෙකක් ලෙස ගල් අගුරු නැව්ගතකිරීමට පෙර ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට සාම්පල් පරීක්‍ෂා කිරීමට සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට සහ හදිසි මිලදීගැනීම කෙරෙහි අවදානය යොමු කිරීමට තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවට මෝසම් වැසි ආරම්භ වීමට පෙර අවම වශයෙන් මාර්තු මැද භාගය වන විට ගල්අගුරු මිලදී ගැනීම් අවසන් කළ යුතු බවත් අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්වය හේතුවෙන් ගල්අගුරු ගොඩබෑම කළ නොහැකි බවත් ප්‍රවීණයෝ පවසති.

 

මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60,000 ක් හෙවත් කිලෝ කෝටි 6 ක ප්‍රමාණය අවම වශයෙන් නැව් 38 ක් ලෙස රැගෙන ආ යුතු බවත් එම ප්‍රමාණයෙන් මේ වන විට නැව් තුනක් පමණක් ලැබී ඇති බවත් ඔවුහු පවසති.

 

එම ටෙන්ඩරය යටතේ ලැබුණු තෙවැනි තොගය ද ප්‍රමිතියෙන් තොර යැයි නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්‍ෂාණාගාරය තහවුරු කර ඇති බවත් තවත් ගල් අගුරු නැව් තුනක් මෙරට ළගාවෙමින් ඇති බවත් වාර්තා වේ.

ලක්විජය බලාගාරයේ ඉංජිනේරු සටහන්...

තුන්වැනි නැවෙන් ගොඩබෑ ගල් අගුරු තොගයෙන් කොටසක් පසුගිය 21 වැනිදා විදුලි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති අතර එහිදී මෙගාවොට් 300 වෙනුවට මෙගාවොට් 240 ක පමණ විදුලියක් ලැබී ඇති බවත් එසේ විදුලි ප්‍රමාණය අඩුවීමට හේතුව ගල් අගුරවල ප්‍රමිතිය අඩුවීම යැයි ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවරු සටහන් තබා ඇති බවත් එම බලාගොරයෙන් දැනගන්නට තිබේ.

මෙරට විදුලි පරිභෝජනයෙන් තුනෙන් එකක් නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ නිෂ්පාදනය කරන අතර එම ජනන යන්ත්‍ර තුනේ විදුලිය අඩුවුවහොත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වේ.

කෙසේ වෙතත් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්‍ෂාණාගාරයේ පරීක්‍ෂණ වාර්තා ප්‍රසිද්ධ කිරීම හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ට නිකුත් කිරීම හෝ අත්හිටුවා ඇති බවත් බාල ගල් අගුරු ආනයනය කරන්නේ යැයි චෝදනා එල්ල වී ඇති සමාගමෙන් එවූ තවත් නැව් තුනක් ඉදිරි දින දෙක තුළදී මෙරටට ළගාවීමට නියමිත බවත් වාර්තා වේ.

 

මෙම තත්වයට විසඳුමක් ලෙස ලංකා කෝල් සමාගම විසඳුම් දෙකක් ලෙස ගල් අගුරු නැව්ගතකිරීමට පෙර ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට සාම්පල් පරීක්‍ෂා කිරීමට සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට සහ හදිසි මිලදීගැනීම කෙරෙහි අවදානය යොමු කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමකට මෙරටට දකුණු අප්‍රිකාවෙන් ගල් අගුරු ආනයනය කිරීමට ටෙන්ඩරය ප්‍රදානය කිරීම සහ එම ගල් අගුරුවයල ප්‍රමිතියව පිළිබඳව මීට මාස කීපයක සිට දැඩි විවේචනයක් එල්ල වූ අතර පසුගිය සති දෙකේදී එය දැඩි විවේචනයක් බවට පත්විය.

 

එම සමාගම ආනයනය කළ ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්‍ෂාණාගාරයේ ප්‍රමිතියෙන් තොර යැයි තහවුරු වීමෙන් පසුව සැපයුම්කරු එය පිළිනොගැනීම නිසා ඉන්දියාවේ ප්‍රධාන පරීක්‍ෂණාගාරයකදී පරීක්‍ෂාවට ලක්කළ අතර එහිදී ද එම ගල් අගුරු ප්‍රමිතියෙන් තොර යැයි තහවුරු වී ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් මිලියන 2 ක දඩයක්

එම තත්වය හේතුවෙන් පළමු නැව සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක දඩයක් පනවා ඇති අතර ඊට පසු ලැබුණු නැව් දෙක පිළිබඳව ඉදිරි පියවර රජය මේ දක්වා ප්‍රකාශ කර නොමැත.

විදුලි ජනනය සඳහා ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මක ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් උද්ගත වී පෙබරවාරි වනවිට ටෙන්ඩර් කැඳෙව්වත් මෙවර එය ජුලි දක්වා කල් ගිය බවත් එම කාලය තුළ ටෙන්ඩරය ලැබුණු සමාගම ලියාපදිංචි වී ඇති බවත් චෝදනා එල්ල විය.

ටෙන්ඩරය ප්‍රමාද කිරීමෙන් එම සමාගමට ලියාපදිංචි වීමට ඉඩ දීමට ද ගැටලු මතුවන අතර එම සමාගමේ වෙළඳ අත්දැකීම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් පාර්ශව රැසක් සැක පළකළහ.

(lankadeepa | යොහාන් භාසුර)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...