The Leader News
BREAKING
Top Ad
පුවත්

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට විපක්ෂ නායකගේ විරෝධය

T

The Leader Desk

January 26, 2026 • 6:57 AM

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට විපක්ෂ නායකගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම නිල 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, මෙම අසාධාරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කරන බවයි.
  • ඕනෑම පුද්ගලයෙකුට දණ්ඩනයක් ලබා දීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
  • නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීමට පියවර ගැනීම බරපතළ ගැටලුවක් බව ඔහුගේ අදහසයි.
  • විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත පදනම් වූවක් ද යන සැකය සාධාරණ ලෙස මතු වන බවත්, මෙවැනි පූර්වාදර්ශයන් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


තම නිල 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, මෙම අසාධාරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කරන බවයි.

ඕනෑම පුද්ගලයෙකුට දණ්ඩනයක් ලබා දීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීමට පියවර ගැනීම බරපතළ ගැටලුවක් බව ඔහුගේ අදහසයි.

විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත පදනම් වූවක් ද යන සැකය සාධාරණ ලෙස මතු වන බවත්, මෙවැනි පූර්වාදර්ශයන් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

SP x cpq5y98
වැඩ තහනමට හේතුව පෞද්ගලික කාරණයක් ද ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ව වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි 26 දා සිට වැඩ තහනමකට ලක්කර ඇත.

පාර්ලිමේන්තුවේදී පසුගිය 23 දා රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත බව පැවසේ.

කතානායක, සභානායක, විපක්ෂනායක, මුදල් අමාත්‍ය හෝ ඔහුගේ නියෝජිත සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මෙම උපදේශක සභාවේ නිල නියෝජිතයින් වන අතර ඊයේ පැවති රැස්වීමට කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂනායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් අමාත්‍යවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර සහභාගිව සිටියහ.

චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න කැඳවා ඔහුගෙන් නිදහසට කරුණු විමසා නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මෙහිදී අදහස් දක්වා තිබිණ.

චමින්ද කුමාර කුලරත්න 2023 සැප්තැම්බර් 15දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

ඔහු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු වේ.

තවද කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වන චමින්ද කුමාර කුලරත්න 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතීඥ සංගමයේ කවුන්සිලයේ සාමාජිකයෙකු ද වේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද කුලරත්න සිය 20 වසරකට වැඩි වෘත්තිය ගමන් මඟ තුළ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් හොබවා තිබේ.

පරීක්ෂණය අභියෝගයට !


නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ "මූලික පරීක්ෂණය" ව්‍යවස්ථාපිත නීතිය සහ ස්ථාපිත පරිපාලන රීතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 මෙම ක්‍රියාවලිය හුදු පරිපාලනමය පියවරක් නොව, ද්වේශ සහගත චේතනාවෙන් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදු කරන්නක් බවට පවතින සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබු සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.

කෙසේවුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

සබැඳි පුවත් :

වැඩ තහනමට ලක්වු පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගෙන් ජාත්‍යන්තර සංවිධාන හතරකට පැමිණිලි !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...