The Leader News
BREAKING
Top Ad
පුවත්

ව්‍යවස්ථා සභාව රැස්වෙයි : විගණකාධිපති ධුරය ගැන අදත් තීරණයක් නැහැ

T

The Leader Desk

January 26, 2026 • 5:23 PM

ව්‍යවස්ථා සභාව රැස්වෙයි : විගණකාධිපති ධුරය ගැන අදත් තීරණයක් නැහැ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේවෙතත්, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
  • ඒ අද දින න්‍යය පත්‍රයට එම කාරණය ඇතුලත් නොවීම නිසාය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ලෙස මහාචාර්ය වසන්තා සෙනවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න පසුගියදා පත්කෙරුණේ අග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙනි.
  • එහි දැක්වෙන්නේ විගණකාධිපති ධුරය වැනි මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරුක් සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිභාහිර නිලධාරියෙකු පත්කිරීම යෝග්‍ය නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේවෙතත්, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. ඒ අද දින න්‍යය පත්‍රයට එම කාරණය ඇතුලත් නොවීම නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ලෙස මහාචාර්ය වසන්තා සෙනවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න පසුගියදා පත්කෙරුණේ අග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙනි.

මේ අතර, හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසු පසුගිය වසරේ අප්‍රේල් මස 08 වනදා සිට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිළධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කිරීම සුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ විගණකාධිපති ධුරය වැනි මූල්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරුක් සදහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිභාහිර නිලධාරියෙකු පත්කිරීම යෝග්‍ය නොවන බවයි.

dfafawrw

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...