The Leader News
BREAKING
Top Ad
පුවත්

චූදිතයන්ට උසස්වීම් දෙමින් පොරොන්දු ඉටු නොකරන ‘ජනාධිපති ගැන විශ්වාසය කඩවෙලා’

T

The Leader Desk

January 27, 2026 • 3:40 AM

චූදිතයන්ට උසස්වීම් දෙමින් පොරොන්දු ඉටු නොකරන ‘ජනාධිපති ගැන විශ්වාසය කඩවෙලා’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ බලයට පත්වන සෑම රජයක්ම බලයට පත්වන්නේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීම සහ අතුරුදහන් කරවලා තියන මාධ්‍යවේදීන් පිළිබදව පරීක්ෂණ ආරම්භ කිරීම වැනි පොරොන්දු සමඟින්.
  • අධි ආරක්ෂක කලාපයක පිහිටි ත්‍රිකුණාමලේ ආණ්ඩුකාර කාර්යාලය අබියස සිය නිවසට නුදුරේදී සුඩර් ඔලි හා උදයන් වාර්තාකාර සුබ්‍රමනියම් සුගීර්දරාජන් වෙඩි තබා මරා දමා තිබුනේ 2006 ජනවාරි 24 දාය.
  • “ ජනාධිපති කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීලා තිබෙනවා.
  • අනුර කුමාරගේ ආණ්ඩුව මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ චෝදනාවට ලක් වූ ඉහළ පෙළේ හමුදා නිලධාරියකුට උසස්වීමක් ලබා දී තිබීම තමයි හේතුව.
අකුරු ප්‍රමාණය (Font Size):


“ බලයට පත්වන සෑම රජයක්ම බලයට පත්වන්නේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීම සහ අතුරුදහන් කරවලා තියන මාධ්‍යවේදීන් පිළිබදව පරීක්ෂණ ආරම්භ කිරීම වැනි පොරොන්දු සමඟින්. බලයට පත්වීමෙන් පසු ඔවුන් දුන් පොරොන්දු අමතක කරනවා. වත්මන් ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයාව සිටියදී විවිධ පොරොන්දු ලබා දුන්නා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කරන බවත්, වැරදිකරුවන් සොයාගෙන දඬුවම් කරන බවත් ඔහු කිව්වා. ඔහු බලයට පැමිණ වසරක් ගත වෙලා තිබෙනවා. ඔහු ඒ කාරණය කෙරෙහි අවධානය යොමු කර නැහැ.”

මඩකළපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් හා එරාවුර්පත්තු ප්‍රාදේශිය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී  එස් නිලාන්දන් එම චෝදනාව එල්ල කළේ සිසු දරුවන් පස් දෙනකු මරා දැමීම පිළිබඳව ලොවට හෙළි කිරීම නිසා ඝාතනය කෙරුණු සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ විසි වැනි ගුණානුස්මරණයට මඩකලපුවේදී එක්වෙමිනි.

අධි ආරක්ෂක කලාපයක පිහිටි ත්‍රිකුණාමලේ ආණ්ඩුකාර කාර්යාලය අබියස සිය නිවසට නුදුරේදී සුඩර් ඔලි හා උදයන් වාර්තාකාර සුබ්‍රමනියම් සුගීර්දරාජන් වෙඩි තබා මරා දමා තිබුනේ 2006 ජනවාරි 24 දාය. එම ඝාතනයට විසි වසරක් සපිරෙනදා, ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී ඔහු අනුස්මරණය කිරීමට මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබුනි.

මඩකළපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් හා එරාවුර්පත්තු ප්‍රාදේශිය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී  එස් නිලාන්දන් එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ දහසය වසකර ට ඉහත දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ අපරාධයට  චූදිතයකු වන හමුදා බුද්ධි නිලධාරියකුට උසස්වීමක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසා ඔහු කෙරෙහි තැබු විශ්වාසය සම්පුර්ණයෙන්ම බිද වැටී ඇති බවයි.

“ ජනාධිපති  කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීලා තිබෙනවා. අනුර කුමාරගේ ආණ්ඩුව මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ චෝදනාවට ලක් වූ ඉහළ පෙළේ හමුදා නිලධාරියකුට උසස්වීමක් ලබා දී තිබීම තමයි හේතුව.  ඔහු  චෝදනා රැසකට ලක්ව තිබියදීත් උසස්වීමක් ලබා දී ඇති බව එක්නැලිගොඩගේ බිරිඳ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. අපි ඔහු කෙරෙහි විශ්වාසය තැබුවා. නමුත් ඔහුගේ ක්‍රියාවන් නිසා අපේ හිත් රිදෙනාව.”

ප්‍රගීත් එන්නැලිගොඩ අපරාධ නඩුවේ 9 වැනි  චූදිතයා වන තෙල්ගේ එරන්ත රදීෂ් පීරිස්ට  බ්‍රිගේඩියර් පදවියක් ලබාදීම පිළිබඳ විරෝධය පළ කරමින් මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ  2026 ජනවාරි 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබුනේ එම පත්වීම සම්බන්ධයන් තමාගේ දැඩි කණගාටුව සහ විරෝධය පළ කරන බවයි.

මෙවැනි බරපතල අපරාධ චෝදනා ලැබු අයෙකුට උසස් නිලතල ප්‍රදානය කිරීම අධිකරණ ක්‍රියාවලියේ පසුබෑමට බලපෑ හැකි බවටත් ඇය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට තව දුරටත්  අවධාරණය කර තිබුනි.  

ඝාතනයට විසි වසරක්

‘රාජන්’ නමින් ප්‍රකට සුඩර් ඔලි හා උදයන් වාර්තාකාර සුබ්‍රමනියම් සුගීර්දරාජන් විසි වසරකට ඉහත දී  ඝාතනය කරන ලද්දේ ත්‍රිකුණාමලයේදී මරා දමන ලද සිසුන් පස් දෙනකුගේ ඝාතනයට රජයේ ආරක්ෂක අංශ වග කිව යුතු බවට ප්‍රබල සාක්ෂි දැක්වෙන ඡායාරූප පල කිරීමෙන් අනතුරුවය.

ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝගිදරාජා රෝහන්, තංගදුරෙයි සිවානන්දා, යෝගරාජා හේමචන්ද්‍රන් හා මනෝහරන් රජිහර් 2006 ජනවාරි දෙවැනිදා මියගියේ බෝම්බ ප්‍රවාහනය කරමින් සිටිය දී ඒවා පුපුරා යාමෙන් බවට ආණ්ඩුව සහ ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ අධිපති මාධ්‍ය ඔස්සේ ගෙනගිය ප්‍රචාරය බොරු කරන්නට රාජන්ගේ ඡායාරූප සමත් විය.

නිර්භීත ලෙසින් තම රැකියාවේ යෙදී කළ හෙළිදරව්වෙන් සති දෙකක් ගතවූ තැන ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ මාධ්‍යවේදියාට දසක දෙකක් ගතවනතුරුත්  යුක්තිය ඉටු වී නැත.

“දකුණේ සිංහල බහුතරයක් දෙනා නොදත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන්ගේ දුෂ්කර වෘත්තීය දිවිය වනාහී සත්‍යගරුක හා එඩිතර මාධ්‍ය භාවිතාව පිළිබඳ දුලබ ජීවන පූර්වාදර්ශයකි,” යි මාධ්‍යවේදියා මරාදමා දස වසරක් ගෙවුණු තැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල විතානගේ JDS වෙබ් අඩවියේ ලියා තිබිණි.

(සුගීර්දරාජන්ගේ ජීවිතය හා ඝාතනය පිළිබඳ විස්තර රැගත් සම්පූර්ණ ලිපිය මෙතැනින් )

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...