The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉතිහාසයට එක්වෙයි ! : සෝල්හයිම් එයි - නව තොරතුරු කේන්ද්‍රයක් විවෘත කෙරේ

T

The Leader Desk

January 27, 2026 • 5:16 AM

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉතිහාසයට එක්වෙයි ! : සෝල්හයිම් එයි - නව තොරතුරු කේන්ද්‍රයක් විවෘත කෙරේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සඳහා නෝර්වීජියානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ එහි සභාපති බර්නාඩ් ගුණතිලක ගේ ආරාධනයෙන් ඔහු මෙම අවස්ථාවට එක්විය.
  • එවක සාම සාකච්ඡා සඳහා රජය වෙනුවෙන් සහභාගී වූ ප්‍රධාන සාකච්ඡාකරුවන් ලෙස මිලින්ද මොරගොඩ සහ බර්නාඩ් ගුණතිලක කටයුතු කිරීම ද විශේෂත්වයකි.
  • කෙසේ වෙතත්, 2002 සිට 2008 දක්වා කාලය තුළ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCOPP) සහ නෝර්වීජියානු පහසුකම් සපයන්නන් සතුව තිබූ වටිනා ලියකියවිලි එක් තැනක සුරක්ෂිතව නොතිබීම ඉතිහාස අධ්‍යයනයේදී පැවති විශාල අඩුපාඩුවකි.
  • එම අඩුව පුරවමින්, දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ලබාගත් සාම ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන සහ දත්ත එක් රැස් කරමින් පර්යේෂකයන්ගේ සහ විද්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා පැලියගොඩ , මිගමුව පාරේ , අංක 339/6 හි පිහිටි 'පාත්ෆයින්ඩර්' කාර්යාලයේ මෙම නව තොරතුරු කේන්ද්‍රය විවෘත කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය සඳහා නෝර්වීජියානු විශේෂ නියෝජිතවරයා ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් ගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ සහ එහි සභාපති බර්නාඩ් ගුණතිලක ගේ ආරාධනයෙන් ඔහු මෙම අවස්ථාවට එක්විය.

එවක සාම සාකච්ඡා සඳහා රජය වෙනුවෙන් සහභාගී වූ ප්‍රධාන සාකච්ඡාකරුවන් ලෙස මිලින්ද මොරගොඩ සහ බර්නාඩ් ගුණතිලක  කටයුතු කිරීම ද විශේෂත්වයකි.

ඉතිහාසයේ හිඩැසක් පිරවීම

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී ගැටුමට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට විවිධ උත්සාහයන් ගැනුණද, ඒවා සාර්ථක අවසානයක් කරා ළඟා නොවීය. කෙසේ වෙතත්, 2002 සිට 2008 දක්වා කාලය තුළ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (SCOPP) සහ නෝර්වීජියානු පහසුකම් සපයන්නන් සතුව තිබූ වටිනා ලියකියවිලි එක් තැනක සුරක්ෂිතව නොතිබීම ඉතිහාස අධ්‍යයනයේදී පැවති විශාල අඩුපාඩුවකි.

එම අඩුව පුරවමින්, දේශීය හා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ලබාගත් සාම ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන සහ දත්ත එක් රැස් කරමින් පර්යේෂකයන්ගේ සහ විද්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා පැලියගොඩ , මිගමුව පාරේ , අංක 339/6 හි පිහිටි 'පාත්ෆයින්ඩර්' කාර්යාලයේ මෙම නව තොරතුරු කේන්ද්‍රය විවෘත කර ඇත.

පාත්ෆයින්ඩර් මූලස්ථානයේ ස්ථාපිත මෙම ‘References Room’ හි ඇති පැරණි පුවත්පත් වාර්තා, ඩිජිටල් දත්ත සහ සටන් විරාම සාකච්ඡා වලට අදාළ ලේඛන එරික් සෝල්හයිම් ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ද ලක්විය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය ඉතිහාසයට එක්වෙයි ! : සෝල්හයිම් එයි - නව තොරතුරු කේන්ද්‍රයක් විවෘත කෙරේ | The Leader