The Leader News
BREAKING
Top Ad
පුවත්

සිංගප්පුරුවට ගිය සජිත් එරට හිටපු විදේශ ඇමති හමුවේ

T

The Leader Desk

January 27, 2026 • 10:16 AM

සිංගප්පුරුවට ගිය සජිත් එරට හිටපු විදේශ ඇමති හමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සිංගප්පූරුවේ පිහිටි ලී ක්වාන් යූ School of Public Policy හි දීය.
  • එසේ ම සිංගප්පූරුවේ ඇතුළත් ජාතික අනන්‍යතාව සහ ගෝලීය අවිනිශ්චිතතාව මධ්‍යයේ දිගුකාලීන උපායමාර්ගික දැක්මක් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කර ඇත.
  • ජෝර්ජ් යෝ සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ දශක දෙකකට වැඩි කාලයක් සේවය කළ අතර තොරතුරු හා කලා අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් දැරිය.
  • ඔහු සතු රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ උපායමාර්ගික චින්තකයෙකු ලෙස ජාත්‍යන්තරව පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වී තිබීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සිංගප්පූරුවේ පිහිටි ලී ක්වාන් යූ School of Public Policy හි දීය.

ඉදිරි දැක්මක් සහිත නායකත්වය, ශක්තිමත් ආයතන සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය මඟින් කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය සහ දියුණු නිෂ්පාදනවල බලපෑම ඇතුළු ප්‍රධාන ගෝලීය තාක්ෂණික හා ආර්ථික වෙනස්කම්වලට සිංගප්පූරුව සාර්ථකව අනුගත වී ඇති ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී මුඛ්‍ය වශයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු වී තිබේ.

පුද්ගල ප්‍රතිරූප මත පමණක් රඳා නොසිට ඔරොත්තු දෙන පද්ධති සහ ව්‍යුහයන් ගොඩනැගීමේ දී සිංගප්පූරුව ලැබූ අත්දැකීම්වලින් අප රට පාඩම් ඉගෙනීමේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර තිබේ.

 

WhatsApp Image 2026 01 27 at 2.54.06 PM 1
එසේ ම සිංගප්පූරුවේ ඇතුළත් ජාතික අනන්‍යතාව සහ ගෝලීය අවිනිශ්චිතතාව මධ්‍යයේ දිගුකාලීන උපායමාර්ගික දැක්මක් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි විශේෂ අවධානයක් මෙහිදී යොමු කර ඇත.

එමෙන් ම ජාතික ව්‍යසන සහ ආර්ථික කම්පනවල බලපෑම ඇතුළුව ශ්‍රී ලංකාව මෑත කාලීනව ආර්ථික හා මානුෂීය අභියෝග රැසකට මුහුණ දුන් අයුරු පිළිබඳව ජෝර්ජ් යෝ-බූන්ට පැහැදිලි කර ඇති  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම, අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම, වෙළෙඳ සාකච්ඡා සහ විදේශ ආර්ථික සබඳතා වැනි ක්ෂේත්‍රවල විශේෂිත විශේෂඥතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කර තිබේ.

තව ද රැස්වීම අතරතුර, සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-බූන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුකූලව, රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ කිරීම සඳහා අනාගතයේ බහු-පාර්ශවීය වැඩමුළුවක් හරහා ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී, සිංගප්පූරුවේ පාලනය, ආර්ථික පරිවර්තනය, විදේශ ප්‍රතිපත්ති උපාය මාර්ගය සහ තාක්ෂණික බාධා කළමනාකරණය පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගැනීමට එකඟ වී ඇත.

 

WhatsApp Image 2026 01 27 at 2.54.06 PM 2
ජෝර්ජ් යෝ සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ දශක දෙකකට වැඩි කාලයක් සේවය කළ අතර තොරතුරු හා කලා අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ඇතුළු ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් දැරිය.

ඔහු සතු රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ උපායමාර්ගික චින්තකයෙකු ලෙස ජාත්‍යන්තරව පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වී තිබීම විශේෂත්වයකි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංගප්පුරුවට ගිය සජිත් එරට හිටපු විදේශ ඇමති හමුවේ | The Leader