එංගලන්තයේ, වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීමෙන් යුතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දීමට නියමිතය.
එංගලන්තයේ, වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණේ යැයි සඳහන් කරමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් සිදුකර තිබෙන අතර ඊට අදාළව එංගලන්තයට ගොස් ප්‍රකාශ කිහිපයක් ද සටහන් කරගෙන තිබේ.
ඊට අදාළ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවේ විමර්ශන මාසයක කාලයක් ඇතුළත අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉකුත් 2025 නොවැම්බර් මස 19 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම නඩුවේ අත්‍යාවශ්‍ය පුද්ගලයකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම්කර, ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කරමින් අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබේ.
( aruna| ඉෂාර රත්නකාර)
රනිල්ට එරෙහි නඩුව අද සවස කැඳවයි
T
The Leader Desk
January 28, 2026 • 3:49 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඊට අදාළ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.
- හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවේ විමර්ශන මාසයක කාලයක් ඇතුළත අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉකුත් 2025 නොවැම්බර් මස 19 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
- මෙම නඩුවේ අත්‍යාවශ්‍ය පුද්ගලයකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම්කර, ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කරමින් අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



