හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින මෙම නඩුව වෙනුවෙන් ඔහු අද (28) පස්වරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහුට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම්දීම සිදු කළේය.




