එමෙන්ම නෞකා තුනෙහි ගල් අඟුරු සම්බන්ධ ප්‍රමිති වාර්තා සහ අවසන් වරට පැමිණි නෞකාවේ ගල් අඟුරුවල තත්වය සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණාගාරවලදී කළ පරීක්ෂණවලට අදාළ වාර්තාද යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව කරුණු සලකා බලන ලද අතර කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.
කාරක සභා රැස්වීමට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු සහ සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ නිලධාරීහු පිරිසක් කැඳවනු ලැබ සිටියහ. අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු වල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
ගල් අඟුරු නෞකා තුනක සාම්පල තත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාවට යොමු කර ඇති බවත් එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.
''ගල් අගුරුවලින් රටට පාඩුවක් නෑ''
මේ අතර ලංකා ගල් අගුරු සමාගමේ වත්මන් සභාපති ජයන්ත රත්නායක පවසන්නේ, ආනයනය කළ පළමු ගල් අගුරු නැවේ තොගය පමණක් ප්‍රතික්ෂේප වූ බවත් ඒ හේතුවෙන් එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් අයකළ බවත්ය.
ආන්දෝලයට ලක්ව ඇති ගල් අගුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජයන්ත රත්නායක එසේ පැවසීය.
එම දඩ අයකිරීමත් සමඟ ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක් 98.50 කට මිලදී ගත්තේ නම් එම වැයවූ මුදලත් අඩුවී ඇති බව සඳහන් කළ සභාපතිවරයා, පළමු ගල් අගුරු නැවේ ගොඩබෑමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන මට්ටමේ නොමැති වුවත් එහි සාම්පල ඉන්දියාවට පරීක්‍ෂණයක් සඳහා යොමුකළ අතර එහි වාර්තාවේ අපගමනයක් තිබූ බව කියා සිටියේය.
දෙවැනි නැවේ වාර්තා දෙකම ලැබී ඇති අතර දැනට තිබෙන විදියට එහි ප්‍රශ්නයක් නොමැති බවත් තෙවැනි නැවේගල් අගුරු තවම ගොඩබාමින් පවතින අතර ඉතිහාසයේ පළමු වරට හතරවැනි නැවත් සමඟ නැව් දෙකම එකට බාන්න කටයුතු කර ඇති බවත් ඔහු කීය.
ගල් අගුරු සම්බන්ධයෙන් විවිධ මතවාද විවිධ අදහස් සමාජගත වී තිබුණ ද ගල් අගුරු ගෙන්වීමේදී කිසිදු පාඩුවක් රටට සිදුවී නොමැති බව ද ගල් අගුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක අවධාරණය කර සිටියේය.
ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විවිධ කතා කිව්ව ද අපේ රට දුප්පත් රටක් වීම නිසා අඩුවෙන් මිලදී ගැනීමට සොයන බවත් ටෙන්ඩරය ලැබුණු සමාගම ඩොලර් 98 කට සැපයීමට එකඟ වූ බවත් ඔහු සඳහන් කළේය.
ගල් අගුරු තොගයක ප්‍රමිතිය පරීක්‍ෂා කරන ප්‍රමිතීන් හතක් ඇති අතර ඒ හත සහ මේ ගල් අගුරු වරායට බානවිට පැටවුම් වාර්තාවක් දෙන බවත් එකපාරට ගල් අගුරු දිහා බලලා මේවායේ හොද නරක කියන්න හැකියාවක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
ගල් අඟුරු සමාගමේ හිටපු සභාපති මැතිසබයට කැඳවයි : රටට පාඩුවක් නැතැයි වත්මන් සභාපති කියයි
T
The Leader Desk
January 29, 2026 • 7:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එමෙන්ම නෞකා තුනෙහි ගල් අඟුරු සම්බන්ධ ප්‍රමිති වාර්තා සහ අවසන් වරට පැමිණි නෞකාවේ ගල් අඟුරුවල තත්වය සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණාගාරවලදී කළ පරීක්ෂණවලට අදාළ වාර්තාද යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
- අවසන් වරට මෙරටට ආනයනය කරන ලද ගල් අඟුරු වල ප්‍රමිතියේ ගැටලුවක් මතුව ඇත්දැයි කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
- ගල් අඟුරු නෞකා තුනක සාම්පල තත්ව පරික්ෂා කිරීම සඳහා ඉන්දියාවට යොමු කර ඇති බවත් එම වාර්තා පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බවත් නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.
- ''ගල් අගුරුවලින් රටට පාඩුවක් නෑ'' මේ අතර ලංකා ගල් අගුරු සමාගමේ වත්මන් සභාපති ජයන්ත රත්නායක පවසන්නේ, ආනයනය කළ පළමු ගල් අගුරු නැවේ තොගය පමණක් ප්‍රතික්ෂේප වූ බවත් ඒ හේතුවෙන් එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් අයකළ බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



