මියයන විට ඔහු 89 වන වියේ පසුවුණි.
1974 කස්තුරි සුවඳ, 1976 නිල්ල සොයා, 1978 ආශා දැසින්, 1980 මල් කැකුලු, 1981 චංචල රේඛා, 1983 ඇතින් ඇතට, 1986 යලි හමුවෙන්නයි, 1980 මල් කැකුලු, 1991 බඹර කලාපේ, සදහටම ඔබ මගේ වැනි චිත්‍රපට සිංහල සිනමාවට දායාද කළ ඔහු මෙරට සිනමා වංශ කතාව උදෙසා පිරිනමන ලද මහඟු දායකත්වය අගයනු වස් ජීවිතයට එක් වරක් පමණක් පිරිනමනු ලබන රණ තිසර සම්මානයෙන් පුදනු ලැබීය.
ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භය සිදුවුයේ 1973 දී මිල්ටන් ජයවර්ධන සමඟ 'සඳහටම ඔබ මගේ' චිත්‍රපටය නිෂ්පාදනය කිරීමත් සමඟිනි.
ජනප්‍රිය සිනමාව තුල වාර්තා පිහිටවූ කස්තුරි සුවඳ චිත්‍රපටය 1974 දී අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට ඔහු පත්විය.
සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයෙකු වන සරත් දසනායක හඳුන්වා දුන්නේ ද සේන සමරසිංහ යි.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු, ගේය පද රචකයෙකු යන විවිධ භූමිකා ඔස්සේ සිංහල සිනමාව පෝෂණය කිරීමට දායක වූ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්!




