The Leader News
BREAKING
Top Ad
පුවත්

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

T

The Leader Desk

January 29, 2026 • 3:15 PM

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, මෙරට මාධ්‍ය වාර්කරන නිපා වෛරසය පිළිබදව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
  • එමෙන්ම මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය හෝ අහඹු සම්බන්ධතා මඟින් පහසුවෙන් නොපැතිරෙන බවද එහි වැඩිදුරටත් කරුණු අනාවරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව සඳහන් කර ඇත්තේ, මෙරට මාධ්‍ය වාර්කරන නිපා වෛරසය පිළිබදව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

වාර්තා වලට අනුව ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන්, මෑත කාලයේදී නිපා වෛරස රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අන්තර්ජාතික සංචරණ  සීමා පැනවීම නිර්දේශ කර නොමැති බවත්, වර්තමානයේ දී ශ්‍රී ලංකාවට රෝගය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

නිපා වෛරස රෝගය යනු ප්‍රධාන වශයෙන් සත්ත්වයන් අතර, විශේෂයෙන්ම පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන ආසාදන රෝගයක්යන බවත්, ආසාදිත සත්ත්වයන් හෝ ආසාදිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති වීමෙන් මෙම රෝගය ඉතා කලාතුරකින් මිනිසුන්ට බෝ විය හැකි බවත්, මිනිසුන් අතර ආසාදනය වීම සිදුවිය හැක්කේ සමීප හා දිගුකාලීන සම්බන්ධතාවය හරහා බවත් එම නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම මෙම වෛරසය ඉන්ෆ්ලුවෙන්සාව වැනි වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය හෝ අහඹු සම්බන්ධතා මඟින් පහසුවෙන් නොපැතිරෙන බවද  එහි වැඩිදුරටත් කරුණු අනාවරණය කර ඇත.

cgdfgsre
කඩිනමින් රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය ශක්තිමත් රෝග අවෙක්ෂණ පද්ධතියක් මෙන්ම, රෝගියකු හඳුනාගතහොත් වහාම ප්‍රතිචාර දැක්වීම හැකියාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවත්, ඒ සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) සතු, රෝග නිර්ණය කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් ද ඇතුළත් වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම නිවේදනය තුළින් තවදුරටත් කරුණු අණාවරණය කර ඇත.


සෞඛ්‍ය අමාත්‍යාංශය,  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් අදාළ අන්තර්ජාතික ආයතන සමග සමීප සහයෝගීතාවයෙන් කටයුතු කරමින් කලාපීය රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, නිවැරදි තොරතුරු සඳහා  නිල නිවේදන සහ විශ්වාසනීය මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තැබීමට ජනතාවට උපදෙස් දෙනු ලබන බවත්, කිසියම් සැකසහිත රෝගී තත්ත්වයක් හඳුනාගතහොත්, වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ව සිටින බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිපා වෛරසය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් | The Leader