එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ, රජයේ නව බදු ප්‍රතිපත්ති අනුව ලබන අප්‍රේල් 01 වනදා සිට වෙළඳපොළේ පොල් තෙල් මිල ඉහළ යා හැකි බවයි.
මෙම තත්ත්වය මත ෆාම් තෙල් හා වෙනත් තෙල් වර්ග වෙළදපොල තුළ සුලබ විය හැකි බවට ඔහු අනතුරු අගවනු ලබයි.
ශ්‍රී ලංකාව විවිධ වූ ජාතීන් ජීවත්වන බහුවාර්ගික රටක්. ශ්‍රී ලංකාවේ ජනතාවට ආවේනික වූ ආහාර සැකසීමේ රටාවක් පවතිනවා. ඒ අනුව බහුතරයක් වූ පාරිභෝගිකයින් සිය ආහාර සකසා ගැනීම සදහා පොල්තෙල් භාවිතා කරන බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් පොල්තෙල් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබේ.
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව මෙම අප්‍රේල් පළමුවෙනිදා සිට වෙළදපොලේ පොල්තෙල් මිල වැඩි වීමට නියමිතය.
එසේ විමෙන් රටේ පාරිභෝගිකයන්ට පොල්තෙල් මිලට ගැනීමට සිදුවන්නේ වැඩි මිලටයි.
මේ අනුව වෙළදපොලේ ෆාම්තෙල් මෙන්ම වෙනත් තෙල් වර්ග වෙළදපොල තුළ සුලබ වීම අනිවාර්යයෙන් සිදුවන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.
නව බදු සංශෝධනයත් සමග පොල් තෙල් මිල ඉහල ගොස් ෆාම් තෙල් මිළ අඩු විය හැකියි.
එමෙන්ම ෆාම් තෙල් හා වෙනත් විවිධ තෙල් වර්ගත් පොල් තෙල් සමග මිශ්‍ර කර පොල් තෙල් ලෙස වෙළදපොලට පැමිණෙනවා.
එවන් පසුබිමක් තුළ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පිරිසුදු පොල්තෙල් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටියි..
වෙනත් තෙල් වර්ග පාරිභෝජනය කිරීමට පාරිභෝගිකයා බලෙන් පෙළඹවීම නොකළ යුතුයි.
නොඑසේ නම් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම නවතා දැමිය යුතු බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වැඩිදුරටත් කියා සිටියේය.
මෙම කාරණා දැනුවත් කරමින් සජබ මන්ත්‍රී සහ පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් මතු පළවේ.




