The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති ධුරයට ප්‍රතික්ෂේපිත නමක් යළිත් ! - අලුත් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

T

The Leader Desk

January 30, 2026 • 6:12 AM

 විගණකාධිපති ධුරයට ප්‍රතික්ෂේපිත නමක් යළිත් ! - අලුත් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.
  • (L.S.I.) ජයරත්න ගේ නම, ජනාධිපතිවරයා විසින් අද දිනයේ නැවත වරක් යෝජනා කිරීමේ සුදානමක් පවතින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
  • විවෘත විශ්වවිද්‍යාලයේ බර්සර්වරයෙකු වන ආචාර්ය අනුර වික්‍රමසිංහගේ නම මේ සඳහා යෝජනා වී ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගියද, ඔහුට අදාළ වෘත්තීය සුදුසුකම් නොමැති බව හෙළිවීමත් සමඟ එම උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි පැවසේ.
  • කෙසේවුවද ජනාධිපතිවරයා විසින් නැවත යෝජනා කිරීමට සුදානම් බව පැවසෙන එල්.එස්.අයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.

මීට පෙර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න ගේ නම,  ජනාධිපතිවරයා විසින් අද දිනයේ නැවත වරක් යෝජනා කිරීමේ සුදානමක් පවතින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විවෘත විශ්වවිද්‍යාලයේ බර්සර්වරයෙකු වන ආචාර්ය අනුර වික්‍රමසිංහගේ නම මේ සඳහා යෝජනා වී ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගියද, ඔහුට අදාළ වෘත්තීය සුදුසුකම් නොමැති බව හෙළිවීමත් සමඟ එම උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි පැවසේ.

එල්.එස්.අයි. ජයරත්න එරෙහි චෝදනා මොනවද ?

WhatsApp Image 2026 01 30 at 10.05.47
කෙසේවුවද ජනාධිපතිවරයා විසින් නැවත යෝජනා කිරීමට සුදානම් බව පැවසෙන එල්.එස්.අයි. ජයරත්න මේ වන විටත් බරපතල චෝදනා සහ විමර්ශනවලට ලක්ව සිටින නිලධාරිනියක් බවට වාර්තාවේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2025.08.04 දිනැතිව (ලිපි අංක: AC/0205/2025 බී-228) ජාතික විගණන කාර්යාලය වෙත ලිපියක් යොමු කරමින් ඇයට එරෙහිව විමර්ශනයක් අරඹා ඇත.

එම විමර්ශනයට පදනම් වී ඇත්තේ 2024.12.08 දින සිට 2024.12.21 දක්වා ඇය විසින් සිදුකළ ඉන්දීය සංචාරයක් සඳහා ගුවන් ටිකට්පත් (UL121 සහ UL124) ලබා ගැනීමේදී ඒවා පෞද්ගලික මුදලින් ලබා ගත්තේද නැතහොත් වෙනත් පාර්ශවයකින් අනුග්‍රහයක් ලැබුණේද යන්නයි. ලංකා බැංකු ශාඛාව විගණනය සඳහා යැයි පවසමින් සිදුකළ මෙම ගමන පිළිබඳව මේ වන විට බරපතල සැකයක් මතු වී තිබේ.

 මීට අමතරව, 2014 සැප්තැම්බර් මස ඇය විගණන අධිකාරීවරියක ලෙස කටයුතු කරන සමයේදී රාජකාරි වේලාව තුළ රාජකාරියෙන් පරිබාහිර කටයුතු වල යෙදීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඇයට ලිඛිතව දැඩි අවවාද කර ඇත (ලිපි අංක: S1/22/එම/06/2014).

sfds
මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

මේ අතර පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත එම ලිපිය මගින් කරුණු දක්වා තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ 41 වන විගණකාධිපතිවරයා 2025-04-08 දින විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති තනතුර පුරප්පාඩු විය. ඒ අනුව අදාළ තනතුරෙහි වැඩබැලීම සඳහා 2025-04-09 සිට 2025-12-05 දක්වා ධර්මපාල ගම්මන්පිල පත් කළ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

ගත වූ මාස 8කට ආසන්න කාලයේදී ස්ථාවර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සහ වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව තිබීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව අතර මතභේද ඇති වී ඇතැයි ද මහනායක හිමිවරු පෙන්වා දී ඇත.

මෙම භාරදුර වගකීම් සමුදාය ඉටුකිරීමට ශක්‍යතාව සම්බන්ධව මතු වූ ගැටලු හේතුවෙන් එම තනතුරට නිර්දේශ කළ කිහිපදෙනකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බවද උන්වහන්සේලා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

මෙනිසා රජයේ විගණකාධිපති ලෙස පිටතින් අයෙක් පත්නොකර විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම සුදුසුම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත්කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.

dfafawrw

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...