The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි

T

The Leader Desk

January 30, 2026 • 3:13 PM

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
  • හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
  • මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.
  • මාස ගණනක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුර පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මාස ගණනක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුර පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.

මේ අතර මෙම සති අන්තයේ  'අනිද්දා'' පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කර ඇත්තේ,  ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ මුල්‍ය අධිකාරිගේ නම යෝජනා කිරීමට සැරසෙන බවයි.  ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

xdfsdf
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, මීට පෙර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. (L.S.I.) ජයරත්න ගේ නම,  ජනාධිපතිවරයා විසින් නැවත වරක් යෝජනා කිරීමේ සුදානමක් පවතින බවයි.

විවෘත විශ්වවිද්‍යාලයේ බර්සර්වරයෙකු වන ආචාර්ය අනුර වික්‍රමසිංහගේ නම මේ සඳහා යෝජනා වී ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගියද, ඔහුට අදාළ වෘත්තීය සුදුසුකම් නොමැති බව හෙළිවීමත් සමඟ එම උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි පැවසේ.

සබැඳි පුවත් :

විගණකාධිපති ධුරයට ප්‍රතික්ෂේපිත නමක් යළිත් ! - අලුත් ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

විගණකාධිපති තනතුරට ධර්මපාල පත් කරන්න - මහනායක හිමිවරු ඉල්ලති

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විගණකාධිපති ධුරයට ජනපති තවත් නමක් යෝජනා කරයි | The Leader