The Leader News
BREAKING
Top Ad
පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්

T

The Leader Desk

January 30, 2026 • 3:26 PM

සංචාරක ක්ෂේත්‍රයේ වේගවත් සංවර්ධනයකට තීන්දු රැසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.
  • මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියෙහි ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංචාරකයන්ගේ වීසා සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීම කෙරෙහිත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
  • මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්විණි.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට නැරඹුම් ස්ථානවලට පිවිසීම පහසු වනු පිණිස ඩිජිටල් ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීමේ ක්‍රියාවලියෙහි ලබා ඇති ප්‍රගතිය මෙන්ම සංචාරකයන්ගේ වීසා සම්බන්ධ කටයුතු කඩිනමින් සිදු කිරීම කෙරෙහිත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

තවද, සංචාරකයන්ගේ පහසුව සඳහා රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා විධිමත් කිරීමටත්, ඒවායේ පවතින ගැටලු පිළිබඳව මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ සහ සංචාරක ගමනාන්ත අතර බස් රථ සේවා ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.

එසේම මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිවාඩු නිකේතන සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් සංචාරකයන් මුහුණ දෙන ගැටලු සංචාරක පොලිසිය මගින් විසඳීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානවල පවතින ගැටලු මෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර ද, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


0000A 1

0000A 2

0000A 3

0000A 4

0000A 5

0000A 6

0000A 7

0000A 8

0000A 9

0000A 10

0000A 11

0000A 12

0000A 13

0000A 14

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...