The Leader News
BREAKING
Top Ad
පුවත්

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක්

T

The Leader Desk

January 30, 2026 • 3:38 PM

 සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේය.
  • ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
  • මෙයට පිළියමක් ලෙස දරුවන්ට තාක්ෂණයට පිවිසීමට ඇති ඉඩ ඇහිරිය යුතු නැහැ.
  • අපේ දරුවන්ට අන්තර්ජාල පරිසරය බොහෝ අවස්ථාවල අනාරක්ෂිත සහ අධික ලෙස ඇබ්බැහිවීම් ඇති කරන සහ මානසික පීඩාකාරී පරිසරයක් වී තිබෙන අවස්ථා දකින්න ලැබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේය.

ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය

''මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන්, දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක් විය යුතුයි''

තම දරුවන්ට සමාජ මාධ්‍යයෙන් ඇති වන බලපෑම සහ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කුමක් කළ යුතුද යන්න අද ලංකාවේ බොහෝ දෙමාපියන් මුහුණ දී සිටින ගැටලුවක්. මෙයට පිළියමක් ලෙස දරුවන්ට තාක්ෂණයට පිවිසීමට ඇති ඉඩ ඇහිරිය යුතු නැහැ. සමාජ මාධ්‍ය හරහා අධ්‍යාපනය, නිර්මාණාත්මක හැකියාව වර්ධනය සහ සන්නිවේදනය වැනි යහපත් පැති ගණනාවක් තිබෙනවා. එහෙත් ඒ සමඟම අපි පිළිගත යුතු යථාර්ථයක්ද  තිබෙනවා. අපේ දරුවන්ට අන්තර්ජාල පරිසරය බොහෝ අවස්ථාවල අනාරක්ෂිත සහ අධික ලෙස ඇබ්බැහිවීම් ඇති කරන සහ මානසික පීඩාකාරී පරිසරයක් වී තිබෙන අවස්ථා දකින්න ලැබෙනවා.

එමගින් සිදු වන හානිය නිසා ඒ දරුවාගේ නින්ද, අධ්‍යාපනය, මිතුරු සබඳතා සහ මානසික සුවතාවට පවා අයහපත් ලෙස බලපෑම් ඇතිවන අවස්ථා තිබෙනවා. මෙම අධික ඇබ්බැහිවීම නවතාගත නොහැකි අවස්ථා ඇති වෙනවා. ඒ වගේම එය වැළැක්වීමට යාමේදී මුරණ්ඩුවීම, කෝප වී කෑ ගැසීම වැනි අවස්ථා අප දැක තිබෙනවා. මෙම බිඳ වැටීම ඔවුන්ගේ ඉගෙනීමට සහ මානසිකත්වයට බලපානවා. මෙමගින් දරුවන් ආතතියට, ආත්ම විශ්වාසය බිඳ වැටීම සහ පීඩාවට ලක්වන අවස්ථා අප දැක තිබෙනවා.


මාර්ගගතව සිදුවන සයිබර් හිරිහැරය (Cyber Bullying) තවත් ප්‍රධාන උවදුරක්. එමෙන්ම වයසට අනුකූල නොවන උදාහරණයක් ලෙස ප්‍රචණ්ඩ, ලිංගික හෝ අනතුරුදායක අන්තර්ගතයන්ට (Content) නිරාවරණය වීමේ අවකාශය තිබෙනවා.ඒ වගේම හානිකර අන්තර්ගතයන් නැවත නැවත යෝජනා කරමින් ඒ සඳහා ඇබ්බැහිවීම් කරන අයැදුම් අප දැක තිබෙනවා. ඒ වගේම සමහර මාර්ගගත ක්‍රීඩා තිබෙනවා එමගින් ළමුන්ට අන්තරාදායක දේ කිරීමට යෝජනා කරනවා.


ඒවා කිරීමට යාම මගින් එහි උච්චතම අවස්ථාවට පිවිසි විට සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පවා පත්ව තිබෙනවා. ඒ නිසා බොහෝ රටවල දරුවන්ට මාර්ගගත කුමවේදයන්හිදී ආරක්ෂාව සැලසීම ජාතික ප්‍රමුඛතාවක් වී තිබෙනවා. අපේ ප්‍රවේශයද මූලධර්ම 03ක් ඔස්සේ සිදු විය යුතුයි.

පළමුව, දරුවන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍යයි. එය අප රජයේ නොසැලෙන ප්‍රතිපත්තියක්. දෙවනුව, අප ක්‍රියාත්මක වන්නේ හේතුසාධක සහ පර්යේෂණ මත වීම ඉතාමත් අවශ්‍යයි. අප ශීර්ෂපාඨ මත හඹා යාම කිසි විටෙකත් කරන්නේ නැහැ. තෙවනුව අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, අධික නිරීක්ෂණ නැති කිරීම අපේ අරමුණ වෙනවා. අයිතිවාසිකම්, ආරක්ෂාව සහ නවෝත්පාදන යන අංශ තුනම සමබරව තබා ගැනීම අපේ මුලික අරමුණයි.

ලෝකය පුරා බොහෝ රටවල් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපත් ඒ අත්දැකීම් හොඳින් අධ්‍යයනය කර අපට ගැළපෙන ලෙස සකස් කර ගනිමින් අපේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙනවා.එහි පළමු පියවර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කර සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සයිබර් ආරක්ෂාව, නීති පර්යේෂණ ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ සිවිල් සමාජය, යෞවනයන්ගේ හඬට ඇහුම්කන් දෙමින් මෙම කර්තව්‍ය සදහා මැදිහත්වීම අවශ්‍යයි. මෙය රජයට පමණක් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ දරුවන් ඇතුළු සියලු පාර්ශ්ව එක්විය යුතුයි. මේ මගින් අපේ ළමා පරපුරට තාක්ෂණය උපරිම ලෙස නමුත් සුරක්ෂිත ලෙස යොදාගත හැකි පරිසරයක් ගොඩනැගීමට අපිට හැකි වේවි.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...