The Leader News
BREAKING
Top Ad
පුවත්

අතුරුදහන් කරනු ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් විවෘත ආරාධනයක්

T

The Leader Desk

January 31, 2026 • 4:46 AM

අතුරුදහන් කරනු ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් විවෘත ආරාධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79/173 යෝජනාව අනුව, මහලේකම්වරයා විසින් ලබා දිය යුතු "අදාළ ප්‍රායෝගික නිර්දේශ ඇතුළුව, වත්මන් යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුළුල් වාර්තාව” වෙනුවෙන් මෙම තොරතුරු කැඳවීම සිදු කෙරේ.
  • පල නොකෙරෙන ලෙස ඉල්ලා නොසිටින්නේ නම් සපයනු ලබන තොරතුරු මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවියේ පලකෙරෙනු ඇත.
  • මෙම තොරතුරු 2026 මාර්තු 2 වැනි දිනට පෙර ඉංග්‍රීසි, ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වචන 3,000 ක උපරිමයකට යටත්ව, ohchr-registry@un.org යන ලිපිනයට ඊමේල් පණිවුඩයක් ආකාරයට ඉදිරිපත් කළ හැකිය.
  • එම තොරතුරු යොමු කිරීමේදී අදාල ඊමේල් පණිවුඩයේ මාතෘකාව ලෙස “Inputs to SG report on missing persons” සඳහන් කළ යුතු අතර තොරතුරු ඇතුලත් සටහන Word හෝ PDF ආකාරයට ඊමේල් පණිවුඩයේ අමුණා යොමු කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):


අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79/173 යෝජනාව අනුව, මහලේකම්වරයා විසින් ලබා දිය යුතු "අදාළ ප්‍රායෝගික නිර්දේශ ඇතුළුව, වත්මන් යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුළුල් වාර්තාව” වෙනුවෙන් මෙම තොරතුරු කැඳවීම සිදු කෙරේ.

අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් 2024 ජූලි 1 වැනිදා  සිට 2026 ජුනි 30 වැනිදා දක්වා සිදු වූ වර්ධනයන් අනාවරණය කරන මෙම වාර්තාව, මානව හිමිකම් කවුන්සිලයට සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි  සැසිවාරයට ඉදිරිපත් කෙරේ.

මෙහිදී, අතුරුදහන් වූවන්ගේ ඉරණම තීරණය කිරීමට ගන්නා උත්සාහයන්, ඔවුන්ගේ පවුල්වලට සහාය වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග, කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු ඔවුන්ගේ පවුල් මුහුණ දෙන අභියෝග සේම අතුරුදහන් වීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද අදාළ තොරතුරු ලබා දෙන මෙන් මෙම නිවේදනය අදාළ ආයතන වලට මෙන්ම පොදු මහජනතාවට ද විවෘතව ආරාධනා කරයි.

අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් වත්මන් ගැටළු ඇතුළුව, මෙම වාර්තාව සකස් කිරීම සඳහා ලබා දීමට සුදුසු යයි කල්පනා කරන අදාළ ඕනෑම තොරතුරක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත ලබා දිය හැකි අතර, එහිදී විශේෂයෙන්, පහත සඳහන් තොරතුරු සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බව මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කරයි.

* පුද්ගලයන් අතුරුදහන් කරනු ලැබීම වැළැක්වීම සඳහා ගෙන ඇති නීතිමය සහ වළක්වාලීමේ පියවර පිළිබඳ තොරතුරු;

* අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන්ගේ ඉරණම සහ උන්හිටිතැන් හෙළි කරගැනීමට ගන්නා ලද පියවර;

* අතුරුදහන් කරනු ලැබූ දරුවන්ගේ තත්වය;

* අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන නඩු විභාග සහ නඩු පැවරීම් කටයුතු පිළිබඳ තොරතුරු;

* අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ වෝහාරික සොයා ගැනීම් සහ හඳුනා ගැනීම් පිළිබඳ තොරතුරු;

* සමාජ සුබසාධනය, මානසික සහ මනෝ සමාජීය සහාය, මූල්‍ය කටයුතු, පවුල් නීතිය සහ දේපළ අයිතිවාසිකම් වැනි කරුණු කාරණා වලදී විශේෂයෙන් කාන්තාවන්, තරුණයන්, දරුවන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානයක් යොමු කරමින්, අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය සහ ඔවුන්ගේ පවුල් සඳහා ලැබෙන සහාය පිළිබඳ තොරතුරු; සහ/හෝ

*  අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙනත් ඕනෑම අදාළ තොරතුරක්, තමන් වෙත යොමු කරන ලෙස මෙම නිවේදනය මගින් ආරාධනා කරයි.

පල නොකෙරෙන ලෙස ඉල්ලා නොසිටින්නේ නම් සපයනු ලබන තොරතුරු මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවියේ පලකෙරෙනු ඇත.

මෙම තොරතුරු 2026 මාර්තු 2 වැනි  දිනට පෙර ඉංග්‍රීසි, ප්‍රංශ හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වචන 3,000 ක උපරිමයකට යටත්ව,  ohchr-registry@un.org යන ලිපිනයට   ඊමේල් පණිවුඩයක් ආකාරයට ඉදිරිපත් කළ හැකිය.

එම තොරතුරු යොමු කිරීමේදී අදාල ඊමේල් පණිවුඩයේ මාතෘකාව ලෙස “Inputs to SG report on missing persons” සඳහන් කළ යුතු අතර තොරතුරු ඇතුලත් සටහන Word හෝ PDF ආකාරයට ඊමේල් පණිවුඩයේ අමුණා යොමු කළ යුතුය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අතුරුදහන් කරනු ලැබීම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් විවෘත ආරාධනයක් | The Leader