The Leader News
BREAKING
Top Ad
පුවත්

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙරටට අත්‍යවශ්‍ය බව දිලිත් කියයි

T

The Leader Desk

February 1, 2026 • 5:58 AM

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙරටට අත්‍යවශ්‍ය බව දිලිත් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පදවියේ පැවැති වැඩසටහනක් අමතමින් දිලිත් ජයවීර මෙම අදහස් පළ කළේය.
  • ඊළඟට අපේ සිද්ධාලේප මුදලාලි දාලා තියෙනවා.
  • ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):


පදවියේ පැවැති වැඩසටහනක් අමතමින් දිලිත් ජයවීර මෙම අදහස් පළ කළේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

''ඒක මහා ගොං කතාවක්''

"නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා අපි කියන්න පටන් ගත්තේ අවුරුදු විස්සකට කලින්. දැන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. නමුත් කලබලයේ ගෙනඑන සීයාට ආච්චි කියලා දාලා ආච්චිට සීයා කියලා දාලා තියෙනවා පළවෙනි හෝඩිය පොතේ. මේ පොතේ හැම පිටුවක් පිටුවක් පාසාම තියෙන්නේ වැරදි.

කවුරු හරි කියනවා නම් අපි ආණ්ඩුව ගේන දෙයකට විරුද්ධ වෙනවා කියලා.. ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙනවා කියලා.. ඒක මහා ගොං කතාවක්.

මේකේ තියෙනවා නියම පොතක්. හකුළ ගත්ත හයවැනි පන්තියට දාපු පොතේ ව්‍යවසායකයින්ගේ නම් තියෙනවා ලෝ ප්‍රකට ව්‍යවසායකයින්. අංක එක - ඒ.ටී. ආරියරත්න. ඒ.ටී. ආරියරත්න ව්‍යවසායකත්ව වැඩ කරලා තිබුණාට ලෝකයෝ කවුද හිතන්නේ.? ලංකාවේ කවුද හිතන්නේ.? උපාලි විජේවර්ධන හිටිය රටේ. ඊළඟට අපේ සිද්ධාලේප මුදලාලි දාලා තියෙනවා. ලෝ ප්‍රකට දෙවැනි ව්‍යවසායකයා හෙට්ටිගොඩ මහත්තයා. තුන්වැනි තැනට දාලා තියෙනවා පොඩි කඩයක් කරගෙන ඉන්න හිතවත් නංගී කෙනෙක් අචලා කියලා එයාගේ නමත් දාලා. එයාට කෝල් කරලා ඇහුවාම එයා දන්නෙත් නැහැ ඇයි එයාගේ නම දාලා තියෙන්නේ කියලා.

ඊළඟට තියෙනවා බිල් ගේට්ස්, ඊට පස්සේ තියෙනවා වොරන් බෆට්. ඊට පස්සේ ඊලෝන් මස්ක්. ඒ අතරේ තමයි හෙට්ටිගොඩගේ නමයි, ආරියරත්න මහතාගේ නමයි තියෙන්නේ. මුන්ට ඔල්මාද ලොව ප්‍රකට ව්‍යවාසකයෝ කියලා යකෝ මේ රටේ කීදෙනෙක් ඉන්නවා ද.? ලොවම හොල්ලපු ව්‍යවසායකයෝ. දැනටත් හොල්ලන සන්නාම කීයක් තියෙනවා ද?

මේ පිටුව කියවපු කිසිම පොඩි දරුවෙක් ජීවිතයට ව්‍යවසායකත්වය ඉගෙනගන්නේ නැහැ. ඔබ නිකම් කියවලා බලන්න මොඩියුලවල මොනවාද තියෙන්නේ කියලා.

ඉතිං අපි කියන්නේම මේක ප්‍රතිසංස්කරණය කරන්න. අපිත් සහයෝගය දෙන්නම්. අපි යෝජනා දෙන්නම්. නියමු ව්‍යාපෘතියක් දාලා දෙමාපියන්ගේ අදහස් අරගෙන, ළමයින්ගේ අදහස් කරගෙන, ගුරුවරුන්ගෙන් අදහස් අරගෙන, අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් අරගෙන කරමු කියලයි කියන්නේ. එපා කියලා නෙවෙයි."

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මෙරටට අත්‍යවශ්‍ය බව දිලිත් කියයි | The Leader