මෙම නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් පසුගිය ජනවාරි මස මැද භාගයේදී නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
නිසි අනුමැතියකින් තොරව දත්ත හුවමාරු කිරීම මෙමඟින් දැඩිව සීමා කර ඇත.
විදුලි සේවකයන් පවසන අන්දමට, මෙම පියවර ගෙන ඇත්තේ බාල ගල් අඟුරු ආනයනය පිළිබඳව මතුව ඇති මත භේදාත්මක තත්ත්වයන් සහ ඒ වටා ගෙතී ඇති විවිධ ප්‍රචාරයන් මැඬපැවැත්වීමේ අරමුණෙනි.
කෙසේවුවද ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු දී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සුවිශේෂී අනාවරණයක් කිරීමේ සුදානම පවතින බව ආරංචිමාර්ග සඳහන් කරයි.
( මුලාශ්‍රය - ඇත්ත පුවත්පතින්..- විදුනෙත් සියඹලාපිටිය)




