The Leader News
BREAKING
Top Ad
පුවත්

කාන්තාවන්ට තිබූ බාධාවක් ඉවත් කරමින් ගැසට්ටුවක්

T

The Leader Desk

February 1, 2026 • 4:22 PM

කාන්තාවන්ට තිබූ බාධාවක් ඉවත් කරමින් ගැසට්ටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
  • කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.
  • මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය නොහැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.
  • එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු  විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය නොහැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත් එම කාලය තුළ  සේවය ලබා ගන්නා කාන්තාවන් වෙනුවෙන් සුදුසු නවාතැනක් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව ද කම්කරු අමාත්‍යංශය දැනුම්දී තිබේ.

මෙරට වර්තමාන කාන්තා ජනගහන ප්‍රතිශතය 51%ක් පමණ වන නමුත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 34%ක් පමණ වේ. එසේම වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණුවන සංචාරක ක්ෂේත්‍රයට පහසුකම් සැපයීම සඳහා කාන්තා ශ්‍රම දායකත්වයට වැඩි කිරීමට අවස්ථාවක් සලසා දීමේ අරමුණින් පවතින නීතිමය සීමාවන් ලිහිල් කිරීම කාලීන අවශ්‍යතාවක් බව වත්මන් රජයේ ස්ථාවරය වී ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...