ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී,
* රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
* රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,
* දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම,
* අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
* රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,
* විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම වැනි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට තමන් සූදානම් වන බවය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සමස්ත රෝහල් පද්ධතිය ආවරණය වන පරිදි මෙම අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.
එහිදී පසුගිය 26 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඔවුන්ගේ ගැටලු සඳහා සාධනීය විසඳුමකට එළැඹ එය ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කළේය.
කෙසේ නමුත් අදාළ ඉල්ලීම් සඳහා සාධනීය විසඳුම් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙහොසත්ව ඇති බවත් මේ හේතුවෙන් අද සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර කරමින් අඛණ්ඩ නැවත ඉදිරියට පවත්වාගෙන යාමට සඳහන් කළේය.
ඒ අනුව මීට අදාළව එම සංගමයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් පසුගියදා (31) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහතිකයක්
කෙසේවුවද, වෛද්‍යවරුන් අද (2) පවත්වන බව කියන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් සැලසුම් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට විරුද්ධව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය කෙරෙන බැවින් ඊට කිසිම සහයක් නොදෙන බවද අශෝක ගුණරත්න කීය.
විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් හදන ලෙස ඉල්ලමින් වර්තමානයේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් 2300කින් 2060කට ආසන්න ප්‍රමාණයක් අත්සන් කර රජයට සංදේශයක් බාර දුන් බව කී විශේෂඥ වෛද්‍ය ගුණරත්න, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද හමුවී විසඳුම් ඉල්ලා සිටි අතර රජය පැත්තෙන් ඊට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බව සඳහන් කළේය.
රටේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බහුතරය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිම සාමාජිකයෙක් වර්ජනයට සහභාගී නොවන බවද අශෝක ගුණරත්න කීය.
විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙක් කළ සියලු සේවාවන් සහ කාර්යයන් ඒ විදිහටම අද (2) දිනයේ සිදු කෙරෙන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළේය.




