The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති තනතුර පිරවීම ලොකු අවුලක ! - ප්‍රතික්ෂේප කළ නමක් අයෙත් එවලා !!

T

The Leader Desk

February 2, 2026 • 5:01 AM

විගණකාධිපති තනතුර පිරවීම ලොකු අවුලක ! - ප්‍රතික්ෂේප කළ නමක් අයෙත් එවලා !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මතභේදාත්මක සහ අර්බුදකාරී තත්වය හේතුවෙන් විගණකාධිපති තනතුරේ පුරප්පාඩුව මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ පුරවා ගැනීමට නොහැකිවි ඇත.
  • විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.
  • ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.
  • ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 10 කට ආසන්න කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම මතභේදාත්මක සහ අර්බුදකාරී තත්වය හේතුවෙන් විගණකාධිපති තනතුරේ පුරප්පාඩුව මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ පුරවා ගැනීමට නොහැකිවි ඇත.

විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය. ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.

ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් මාස 10 කට ආසන්න කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරනු ලැබූ නම් හතරක් විවිධ හේතු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් පසුගිය කාලයේදී වරින් වර ප්‍රතික්ෂේප කෙරිණ.

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනවාරි 31 දා  රැස්වීමට නියමිතව තිබුණද එම රැස්වීම නොපැවැත්විණ.

නව විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණාත්මක රැස්වීමක් හෙට (3) අඟහරුවාදා සවස 2.00 ට පැවැත්වීමට නියමිතය.

මේ අතර පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත එම ලිපිය මගින් කරුණු දක්වා තිබේ.

Screenshot 2026 02 02 100753

ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද නමක් යළිත් ....

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කල සිවිල් සමාජය නියෝජිතයින් තිදෙනා ගේ ධුර කාලය නිමා වීමත් සමග පසුගියදා අලුතින් සාමාජිකයින් තිදෙනෙකු පත්කරනු ලැබූ අතර විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක වන එල් එස් අයි ජයරත්න මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් එම සභාවට නැවතත් යොමු කර ඇති බව වාර්තාවේ.

ඇයගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇයට විරුද්ධව පරීක්‍ෂණයක් පවත්වන හෙයිනි.

විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලදැයි පැවසෙන එල් එස් අයි ජයරත්න මහත්මියට එරෙහිව මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් මතුවෙමින් තිබෙන අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පළකර තිබු සටහනක් මතු පළවේ.

 uvindu post

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...