විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත.
එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළේය.
නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.
එලෙස විශ්‍රාම යන සේවකයින් සඳහා වන්දි ලබාදීම සේවා කාලය මත පදනම්ව රුපියල් ලක්ෂ 9 සිට උපරිම ලක්ෂ 50 දක්වා වන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබුණි.
කෙසේවෙතත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයින්ගේ වැඩි පිරිසක් මේ වන විට වෙනත් රැකියා සහ විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති බවත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මේ වන විට ඔවුන් ගැටලු රැසකට මුහුණදී ඇති බවත් වාර්තා වේ.
| adaderana
ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කළ විදුලි සේවක පිරිස අර්බුදයක
T
The Leader Desk
February 2, 2026 • 4:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරනය කිරීමට රජය තීරණය කළ අතර එය ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.
- ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යූහය වෙනස් වන අතර එය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් ලෙස වෙන් වූ රජයට අයත් සමාගම් 6ක් යටතේ පවත්වාගෙන යාමට සැළසුම් කර ඇත.
- එම ක්‍රියාවලිය යටතේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් 2,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලක් ද ආරම්භ කළේය.
- නව සමාගම් ව්‍යූහයට ඇතුළත් වීමට අකමැති සේවකයින් සඳහා හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ ඉංජිනේරුවන්, විගනණ නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් ද ඇතුළු සේවකයින් 2,173 දෙනෙකු ඉල්ලුම් කර ඇති බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



