The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉතිහාසයේ පළමු වරට කතානායකවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් පැමිණිල්ලක් !

T

The Leader Desk

February 2, 2026 • 4:15 PM

ඉතිහාසයේ පළමු වරට කතානායකවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගෙන් අල්ලස් පැමිණිල්ලක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතානායක ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (2) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
  • පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයකුට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු මෙවැනි දුෂණ චෝදනා පැමිණිල්ලක් යොමු කරන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා එම ධූරය බාර ගත් දින සිට මේ දක්වා කර ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ සාධාරණ හා අපක්ෂපාතී පරීක්‍ෂණයක් කර නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස චමින්ද කුලරත්න එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
  • එසේම මෙම තොරතුරු හෙළිදරව් කිරීමෙන් තමාට එල්ල විය හැකි තර්ජන හෝ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ තොරතුරු හෙළි කරන්නන් වෙත ලබාදෙන රැකවරණය ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු අල්ලස් කොමිසමින් ඉල්ලීමක් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කතානායක ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (2) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කතානායකවරයකුට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු මෙවැනි දුෂණ චෝදනා පැමිණිල්ලක් යොමු කරන  මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.


චමින්ද කුලරත්න විසින් කතානායකවරයාට එරෙහිව දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා අටක් මෙම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබේ.


වාහන අවභාවිතය, නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම,  පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය  සතු උපකරණ අවභාවිතය, නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියකු පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීම  සහ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ සහ වංචා ක්‍රියා යටපත් කර ගැනීමට උත්සාහ දැරීම  සහ  පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත්වීම  ඔහු එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති චෝදනාවේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා එම ධූරය බාර ගත් දින සිට මේ දක්වා කර ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ සාධාරණ හා  අපක්ෂපාතී පරීක්‍ෂණයක්  කර නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස චමින්ද කුලරත්න එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම මෙම තොරතුරු හෙළිදරව් කිරීමෙන් තමාට එල්ල විය හැකි තර්ජන හෝ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ තොරතුරු හෙළි කරන්නන් වෙත ලබාදෙන රැකවරණය ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු අල්ලස් කොමිසමින් ඉල්ලීමක් කර ඇත.

චමින්ද කුලරත්න  මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  රංග දිසානායක සහ තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකපුර වෙත ද යොමු කර ඇත.


චමින්ද කුලරත්න වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් පවසා සිටියේ, මෙය රජයට එරෙහිව සිදුකරනු ලබන පැමිණිල්ලක් නොවන අතර, මේ වනවිට වැඩතහනමට ලක්ව සිටින තම සේවාදායකයා සමඟ පෞද්ගලික අමනාපයක් හේතුකොට ගෙන මෙම පැමිණිල්ල සිදුකරන බවය. එමෙන්ම කථානායකවරයාගේ දුෂණ විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ බවද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

 letter

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...