The Leader News
BREAKING
Top Ad
පුවත්

සජබ සතුව තිබු වැලිගම ප්‍රා සභා බලය මාලිමාවට

T

The Leader Desk

February 2, 2026 • 4:20 PM

සජබ සතුව තිබු වැලිගම ප්‍රා සභා බලය මාලිමාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙනඩිස් ගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසිම සිදු කෙරිණි.
  • ඒ අනුව පැවති ඡන්ද විමසිමේදි ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ ඡන්ද 22ක් ලබා ගත් අතර සමගි ජනබල වේගයේ එම්.එච්රසික් ප්‍රියංකර ට හිමි වූයේ ඡන්ද 21කි.
  • ඡන්ද 02ක් ප්‍රතික්ෂේප විය.
  • වැලිගම ප්‍රාදේශිය සභාවේ මුළු සභික සංඛ්‍යාව 45කි.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙනඩිස් ගේ ප්‍රධානත්වයෙන් නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසිම සිදු කෙරිණි.

පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බල වේගයේ එම්.එච්.රසික් ප්‍රියංකර ගේ නම ද ජාතික ජනබල වේගයෙන් චින්තක දර්ශණ හේවාපතිරණ ගේ නම ද යෝජනා කළේය.

ඒ අනුව පැවති ඡන්ද විමසිමේදි ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ ඡන්ද 22ක් ලබා ගත් අතර සමගි ජනබල වේගයේ එම්.එච්රසික් ප්‍රියංකර ට හිමි වූයේ ඡන්ද 21කි.

ඡන්ද 02ක් ප්‍රතික්ෂේප විය. වැලිගම ප්‍රාදේශිය සභාවේ මුළු සභික සංඛ්‍යාව 45කි.

පැවැති පළාත් පාලන ඡන්දයෙන් ජාතික ජනබලවේගය සභික ආසන 22ක් ද ඒකාබද්ධ පොදු විපක්ෂට සභික ධුර 23ක් ද හිමිවූ අතර සජබ වැලිගම ආසන සංවිධායකව සිටි රෙහාන් ජයවික්‍රම ගේ මැදිහත්වීම මත වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය දිනාගැනීමට ලසන්ත වික්‍රමසේකරට හැකිවිය.

කෙසේවුවද මාස කිහිපයකට පෙරදී ලසන්ත වික්‍රමසේකර මහතා සහසික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට පත්විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජබ සතුව තිබු වැලිගම ප්‍රා සභා බලය මාලිමාවට | The Leader